Category Archives: Uncategorized

“තරාවීහ් සලාතයේ සෞඛ්‍යයමය ප්‍රතිලාභ”

“තරාවීහ් සලාතයේ සෞඛ්‍යයමය ප්‍රතිලාභ”
Image

මුස්ලිම්වරුන් දිනකට පස්වරක් ඔවුනට අනිවාර්යය වූ සලාතයේ යෙදනවා සේම රාමළාන් උපවාස මාසය තුළ තරාවීහ් නම් අතිරේක සලාතයක්ද (සුන්නත්) ඉටු කරනු ලබයි. එහිදී ඔවුන් රක්අත් අටක් හෝ විස්සක් ඉටුකරනු ලබන අතර සෑම රක්අත් ‍‍දෙකක් අතරදීම කෙටි විවේකයක් ලබා ගනී. එහිදී ඔවුන් අල්ලාහ් සිහිපත් කරමින් අල්ලාහ්ගේ ගුණ ගායනා කරයි.

උපවාසයෙන් මිදීමට පෙර රුධිරයේ ග්ලූකෝස් හා ඉන්සියුලින් මට්ටම පහත් අගයක පවතින අතර උපවාසයෙන් මිදීමත් (ඉෆ්තාර් අවස්ථාවෙන් පසු) සමග ආහාර මගින් ග්ලූකෝස් ග්‍රහණය කර ගැනීම හේතුවෙන් රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණයේ අඛණ්ඩ ඉහලයාමක් සිදුවේ. උපවාසයෙන් මිදීමෙන් පසුව (ඉෆ්තාර් අවස්ථාවෙන් පසුව) රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණයේ මෙන්ම රුධිර ප්ලාස්මාවේ ඉන්සියුලින් ප්‍රමාණයෙහිද නැගීමක් සිදුවේ. අක්මාව හා මාංශ පේශීන් ග්ලූකෝස් සංසරණයේ යෙදෙයි. රුධිරයේ සීනි ප්‍රමාණය පැයක හෝ පැය දෙකක පමණ කාලයක් තුළ ඉහළම මට්ටමකට ලගාවෙන අතර තරාවීහ් සලාත ඉටුකිරීමේ ප්‍රතිඵලය එමගින් ක්‍රියාත්මක වේ. තරාවීහ් සලාතය අතරතුර සංසරණය වන ග්ලූකෝස් පරිවෘත්තීය ක්‍රියාවලියකට භාජනය වීමෙන් එය කාබන්ඩයොක්සයිඩ් හා ජලය බවට පත්වේ. එම නිසා තරාවීහ් සලාතය මගින් අමතර කැලරි දහනය හා නම්‍යශීලීත්වය වැඩිදියුණු කිරීම මෙන්ම සමායෝජනය, සෞඛ්‍ය සම්පන්න මිනිසෙකු තුල ඇතිවන ස්වයං ආතතිය අවමකිරීම වැනි ශරීරයට සුභදායි ක්‍රියාවන් සිදුවේ. එමෙන්ම බියගුළු ස්වාභාවයට මෙන්ම පීඩනකාරීබවටද සහනය සලසයි.

තරාවීහ් සලාතයෙන් ඉටුවන මෘදු ව්‍යායාමයෙන් කායික යෝග්‍යතාවය හා චිත්තවේගාත්මක යහපත් පැවැත්ම වැඩිදියුණු කරයි. තරාවීහ් සලාතය ඉටු කරමින් සිරුරට අමතර සුළු වෙහෙසක් ලබා දෙන විට ඉවසීම වැඩි දියුණු වීම , නම්‍යශීලී බවෙහි මෙන්ම ශක්තියෙහි වැඩිවීමක්ද ඇතිවේ.

මුස්ලිම්වරයෙකුට දිනකට අනිවාර්යය වූ පස්වේල සලාතය මගින්ද පැයකට සැතපුම් තුනක් සිමින් දිවීම හෝ ඇවිදීම මගින් ලබා ගන්නාවූ කායිකමය සුවයක් කිසිදු අතුරු ආබාධයකින් තොරව හිමිවේ. තරාවීහ් සලාතය හා අනෙකුත් සලාත්හි තවත් මිනිස් සෞඛ්‍යය නගා සිටුවන කරුණක් ලෙස අනපේක්ෂිත කායික වෙහෙසීමකට මිනිසා සූදානම් කිරීම සදහන් කල හැක. උපවාසයේ යෙදී සිටි අයෙකු තරාවීහ් සලාතයේ යෙදීම මගින් ඔහුගේ සිතුවිලි නීරෝගී මෙන්ම යහපත් වීම හා ශක්තිමත් වීමද සිදුවේ.

මිනිසා වයසට යෑමත් සමග ඔවුන්ගේ ක්‍රියාකාරීබවද හීන වන අතර ඔවුන්ගේ අස්ථීන් තුනී වීම හේතුවෙන් ඔස්ටියෝපොරෝසීස් වැනි රෝග වලින්ද පීඩා විදිනු ලබයි. ඔවුන්ගේ සමද දුර්වල වන අතර රැලි වැටීමද වියපත් බව සමග ආරම්භ වේ. ශරීරයේ අළුත්වැඩියා කිරීමේ ක්‍රියාවලියද මන්දගාමී වන අතරම ප්‍රතිශක්තීකරණ‍යෙහි ප්‍රතික්‍රියා දැක්වීමද අඩුවේ.

වියපත්වීමත් සමග ඔවුන්ගේ කායික සක්‍රීයභාවය අඩුවීමෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්සියුලින් වර්ධන ක්‍රියාවලියේ මට්ටම පහත වැටීම දැකිය හැක. එදිනෙදා කටයුතු සදහා අත්‍යවශ්‍යය අවයවයන්හි අමතර ක්‍රියාකාරකම් අවම වීමත් සමග සුළු අනතුරු මෙන්ම රෝග වලට බදුන් වීමට ඇති නැඹුරුවද වැඩිවේ.

සලාතය ඉටුකරන විට එය අතරතුරදී ශරීරයේ නැවත නැවක සිදුවන ක්‍රමවත් චලන ‍හේතුවෙන් මාංශපේශීන් ශක්තිමත්වීම , ස්නායුබද්ධය ප්‍රබලවීම , ප්‍රතිබද්ධ වල නම්‍යශීලී බව හා හෘද්වාහිනී අවශේෂණය වර්ධනය සිදුවේ. එමනිසා අනෙකුත් සලාත් මෙන්ම තරාවීහ් සලාතයද වියපත් පුද්ගලයින් හට තම ජීවිතයේ ගුණාත්මක බව තවදුරටත් සාරවත් කර ගැනීමටත් අනපේක්ෂිත දුෂ්කරතාවන්ට මුහුණ දීමටත් ශක්තිය ලබා දෙයි.

තරාවීහ් සලාතය මගින් ඔවුන්ගේ දරාගැනීමේ හැකියාව , ආත්ම ගෞරවය සහ ස්වාධීනව ජීවත්වන්නෙකු ලෙස ආත්ම විශ්වාසය වර්ධනය කිරීමක්ද සිදුවේ.

“නව සද බැලීම හා ඔබගේ වගකීම“

“නව සද බැලීම හා ඔබගේ වගකීම“

“දිනක මරණය එනු නියතයි ”

Image
විශ්මිත න්‍යායකට අනුව නිර්මාණය කරන ලද විශ්වයෙහි අන් සියල්ල සේම මිනිසාද උපතින් “ඉස්ලාම්” ය. සර්ව බලධාරී අල්ලාහ්ගේ අණසකට යටත්ව උපන් ඔහුට රිසි පරිදි තමාගේ මාර්ගය තෝරා ගැනීමට ලබාදී ඇති නිදහස හේතුවෙන් ඉන්පසුව ඔහු ඊමාන්ධාරියකු හෝ කාෆිර්වරයෙකු (විශ්වාස කරන්නෙකු හෝ ප්‍රතික්ෂේප කරන්නෙකු) බවට පරිවර්තනය වේ. ඒ අනුව ඔහුගේ දෘෂ්ඨිය, සිතුවිලි, චර්යාවන් සහ පිළිවෙත් සියල්ල වෙනස් වේ. කෙසේ වූවද මෙලොව ජනිත කාෆිර් හෝ මුඃමින් වන සියල්ලන්ට පොදූවූ සත්‍යයක් සර්වඥානයෙන් යුතු මැවුම්කරුවා විසින් නියමකර ඇත. එය අන් කිසිවක් නොව සැකයකින් තොරව දිනෙක අප වෙත සමීපවන “මරණය” යි.

මරණය මෙලොව සියල්ලගේ අවසානය බව අල්ලාහුතආලා ශුද්ධවූ කුර්ආනයේ මෙසේ සඳහන් කරයි.

“සියළු ජීවීන් මරණය භුක්ති විදින්නෝය.”
යනුවෙන් සූරා ආල ඉම්රාන්හි 185 වන වාක්‍යයෙන්ද සූරා අර්රහ්මාන්හි 26 වන වාක්‍යයෙන්
“ලොවෙහි සියළු දැය නසන්නේය.”
යනුවෙන්ද දන්වා සිටියි. එමෙන්ම ලොව කිසිදූ ජීවියෙකුට හෝ කිසිදූ වස්තුවකට මෙලොව අමරණීයත්වයක් හිමි නොවන බැව් ද සර්ව බලධාරියාණන් විසින්
“නබිතුමනිණි, ඇත්තෙන්ම ඔබ මැරෙන්නෙහිය. ඔව්හුද මරණයට පත්වන්නේය.”
යනුවෙන් අස් zසුමූර් හි 30වන ආයතයෙන් පහදා දී ඇත.

වර්තමානයේ හෝ අනාගතයේ මෙලොව ජීවත්වන සියල්ලට සේම පෙර ජීවත්වූ සමූහයා වෙතද අමරණීයත්වය හිමි නොවූ බවද ශුද්ධ දේව ග්‍රන්ථයේ

“ඔබට පෙර කිසිම මනුෂ්‍යයෙකුට අමරණීයත්වය නුදූන්නෙමු.”
යනුවෙන් අල් අන්බියාඋ හි 34 වන වැකියෙන් මිනිස් සමාජයට දන්වා සිටියි.

මරණයේ පැමිණීම නොවේනම් “මරණය” පිළිබඳ සැකයක් සිත්හි තබා ගැනීමට අවකාශයක් හෝ නිශ්චිත වූ කරුණක් නොමැත. නමුදූ වර්තමාන මිනිසා දිවි ගෙවන්නේ මරණයක් පිළිබඳ සිතක් හෝ මතකයක සේයාවක් හෝ සිත්හි ඇති අයුරින් නොවේ. මෙලොව දිවිය කෙරෙහි දැඩි ආශාවන්ගෙන් යුක්තව ඒවා මුදූන්පත් කර ගැනීමට වේගවත් ගමනක යෙදෙන මිනිසා මරණය පිළිබඳ අමතක කර ඇති සේය. එහෙත් මුඃමින්වරයෙකු පරලොව දිවිය සඳහා පෙර සූදානමක් සේම මරණය පිළිබඳ අධිකව සිහිකළ යුතු මෙන්ම එයට මුහුණදීම සඳහා සූදානම් වීමද අවැසිය.

“අවස්ථා පහකට පෙර අවස්ථා පහක් ප්‍රයෝජනවත් කරන්න. ඔබේ මරණයට පෙර ජීවිත කාලයද, ලෙඩවීමට පෙර නීරෝගි කාලයද, කාර්යය බහුල වීමට පෙර විවේක කාලයද, මහළු වීමට පෙර තරුණ කාලයද, දිළිඳූ වීමට පෙර ධනයද, ප්‍රයෝජනවත් කරන්න.” යනුවෙන් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා පවසා ඇත.

යම් දිනෙක ප්‍රාණය නිරුද්ධ සිරුර සමඟ කිසිවක් මිනීවල (කබ්ර්) වෙත රැගෙන යනු නොලබයි. එහෙත් මෙලොවේදී දිවි ඇති තෙක් සිදූකල අබ ඇටයක් තරම්වූ කුසල් අකුසල් වූවද ඔහු සමඟ නිබඳ රැදේ. එමනිසාවෙන් පරලොව හා මරණය පිළිබඳ සිහිකරමින් අල්ලාහ්ගේ අනුමැතිය ලද නිවැරදි ක්‍රියාවන්හි නිරතවීමට අප නිරතුරුව ප්‍රයත්න දැරිය යුතුය.
එමෙන්ම ගුප්ත ඥාණය අල්ලාහ් සතු මහත් බලයකි. එමනිසා මෙලොව ජනිත ජීවියකුගේ ආයු කාලයණ, ඔහුගේ අනාගතය සියල්ල දන්නේ සර්ව බලධාරියාණන් පමණි. මිනිසාගේ ආයුෂ කාලය, ඔහු මිය යන්නේ කෙසේද, කවර ස්ථානයකදීද , කවර හේතුවක් නිසාවෙන් ද යන කරුණු අල්ලාහ් පමණක් දැන සිටින සහ මිනිස් ඥාණ පරාසයට ගෝචර නොවන කරුණු වේ.

මරණය පිළිබඳ තවදූරටත් කතිකාවකට බඳූන් කරන කල්හි මරණයට බාධා පමුණුවන්නට කිසිදූ ජගතෙකුට හෝ නොහැකි බැව් අපට ගම්‍ය වේ. එය සත්‍යයකි. මරණය පමා කිරීම හෝ මගහැරීම කිසිවකුට කළ හැක්කක් නොවේ.

“සෑම ජන සමාජයකටම නියමිත කාලයක් ඇත” ඔවුන්ගේ නියමිත කාලසීමාව පැමිණියහොත් ඔවුන්ට එක් නිමේෂයකින්වත් පමා වීමට හෝ ඉක්මන්වීමට නොහැකිය.” (සූරා අඃරාෆ්- 34)

යනුවෙන් සර්ව අධිපති අල්ලාහ් පරම පවිත්‍ර දේව ගරුණන්ථයේ අඃරාෆ් හි 34 වන ශුද්ධ වැකියෙන් මරණයට අභියෝග කිරීමට කිසිවකුට ශක්තියක් නොමැති බව ස්ථිර කරයි.

අප වෙත මෙලොව දිවිය ප්‍රදානය කරන ලද්දේ සදාකාලික වූ පරලොව දිවිය වෙනුවෙන් යමක් තමන් සතුකර ගැනීමට බැව් අපි විශ්වාස කරමු. එසේ මෙලොව දී තමා වෙත සමීප කර ගත් දෑ අනුව මරණය ද්විත්ව ස්වභාවයකින් අපවෙත පැමිණේ. කෙසේ ද යත් අල්ලාහුතආලා එකම දෙවියන් යැයි පිළිගෙන ඔහුගේ අණසකට යටත්ව මුඃමින්වරයෙකු ලෙස මෙලොව දිවිගෙවු විශ්වාසවන්තයා වෙත මරණය සිදූවන මොහොතේ මලකුල් මව්ත් හෙවත් ඉස්රාඊල් (අලෛ) නම් මලාඉකාවරයා සුන්දර වූ මිහිරි ස්වරූපයකින් ඔහු වෙත පැමිණෙන බවත් ඔහු සමඟින් ස්වර්ගය පිළිබඳ සුභ ආරංචි පතමින් කරුණාබරිත මලාඉකාවරුන් පැමිණෙන බවද සඳහන් කරයි.

“ඇත්තෙන්ම අප දෙවියා අල්ලාහ් බවට පවසා එහි සෘජුව සිටින්නේද ඔබලා බිය නොවන්න. කණගාටු නොවන්න. ඔබලාට පොරොන්දූ වූ ස්වර්ගය ගැන සුභාරංචිය ලබන්න” යැයි පවසමින් ඔවුන් වෙත මලක්වරු පහළ වේ.” අස්සජදා සූරාවෙහි 30වන වාකයනනයෙන් අල්ලාහ් මානව සමාජයට ඒ පුවත සිහිපත් කර සිටියි.

එමෙන්ම කාෆිර් හෙවත් ප්‍රතික්ෂේප කරන්නෙකු මිය යන අවස්ථාවේ ඉස්රාඊල් මලාඉකාවරයා දූර්ගන්ධය හමන ඇඳූම් පැළඳූම් ඇඳ බිය උපදවන සුළු ස්වරූපයකින් පැමිණෙන බවත් වේදනාව පිළිබඳ අවවාද කරන මලාඉකාවරුන් ද පැමිණෙන බව “අපරාධකරුවන් මරණාසන්නව සිටින මොහොතේ මලක්වරු ඔවුන් වෙත අත් දිගුකොට ඔබලාගේ පණ නල බැහැර කරන්න. අල්ලාහ් ගැන අපහාස කියමින් හුන් හෙයින්ද ඔවුන්ගේ ආයාත් , අණ පනත්, සාක්ෂීන් විශ්වාස නොකර උඩඟු වී සිටි හෙයින්ද අද දින ඔබලාට නින්දනීය වූ දඩුවම ඵල විපාක වශයෙන් දෙන ලද්දේය.”

යනුවෙන් ඒ පිළිබඳ සූරා අන්ආම් හි 93වන වාක්‍යයෙන් යළි යළිත් අවධාරණය කරයි.

උක්ත කරුණු ගත්කළ මරණය සිදූවන අවස්ථාවේ සත්‍ය අසත්‍ය හෙළිදරව් වන බවත් එකිනෙකාට සියල්ල පසක් වන බවත් පැහැදිළි වේ. මේ පිළිබඳවද අල්ලාහ්තආලා ශුද්ධ කුර්ආනයේ දන්වා ඇත.

“ඔවුන්ගෙන් කෙනෙකුට මරණය පැමිණෙන කල්හි මහිමියෙනි මා අත්හල දෙයින් මට යහකම් කිරීමට හැකිවන සේ මා හරවා එවන්න යැයි ඔහු කියන්නේය. ආපසු එවීමක් නැත. පුනරුත්ථාපනය කරනු ලබන දින තෙක් ඔවුන් ඉදිරිපසින් ආවරණයකි.” (අල් මුඋමිනුන් – 99/100)

“අපරාධකරුවන් දඩුවම දූටු කල්හි ලොවට ආපසු පැමිණීමට මාර්ගයක් ඇත්තේ දැයි ඔවුන් කියනු නුඹ දකින්නෙහිය.”

යනුවෙන් අෂ්ෂුරාහි 44 වන ආයතයෙන් පවසයි. මරණය පැමිණෙන කල්හි ප්‍රතික්ෂේප කරන්නා වේදනාවෙන් මිදී කුසල් ක්‍රියාවන්හි නිරතවීමට මෙලොවට නැවත පැමිණීමට අපේක්ෂා කරන අතර මෙලොව මග හැරීම් අතපසු වීම් හා කළ පාපී ක්‍රියාවන් පිළිබඳ පසුතැ විලි වීමෙන් එම මොහොතේ ඵලක් නොවන බව ඉහත ආයතයෙන් පැහැදිළි වේ.

මෙකී කරුණු සියල්ල මගින් විශ්වයේ මැවුම්කරු අප වෙත දන්වා සිටින්නේ අන් කිසිවක් නොව මරණය සිහිකර අනුමත යහපත් ක්‍රියාවන්හි නිරතව සදාකාලික වූ පරලොව දිවියට සූදානම් වන ලෙසය. අවස්ථා පැහැර හැර මෙලොව දිවියේ සුඛ විහරණය පමණක් තකා හොඳ නොහොඳ නොදන් නා සේ කටයුතු කර මරණය අභියස අසරණවීමට නොව මරණයෙන් පසු දිවියේ යහපත උදෙසා ක්‍රියා කිරීමට අවශ්‍ය බව තරයේ සිතා කටයුතු කළ යුතු නොවේද..?

තවද මරණය පැමිණ මෙලොව දිවියේ අවසානය හඟවන මොහොතේ මිනිසකුගේ අවසන් වදන “ලාඉලාහ ඉල්ලල්ලාහ්” වේද ඔහු වෙත පරම දයාබර අල්ලාහ්ගේ කරුණාවෙන් ස්වර්ගයට ප්‍රවිශ්ඨ වීමේ භාග්‍ය හිමිවන බැව් අපි විශ්වාස කරන්නෙමු. ඒ පිළිබඳ අල්ලාහ්ගේ අවසන් රසූල් මුහම්මද් (සල්) තුමා “මෙලොවෙහි කවරකුගේ අවසාන පරසගකාශය ලාඉලාහ ඉල්ලල්ලාහ් (නැමදූමට සුදූස්සෙකු නොමෙත අල්ලාහ් හැර) යනුවෙන් වේද ඔහුට ස්වර්ගය හිමිවේ. (අබු දාවුද්) යනුවෙන් පවසා ඇත. එහෙත් චිත්ත පරිශුද්ධත්වයෙන් යුතු වූවකුට හැර මරණය අභියස දී අන් අයකුට මෙවදන් මුවට නැඟෙන්නේ නැත. සිතෙහි පවිත්‍ර බවින් තොර වන්නා මරණය ඉදිරියේ කලබලකාරීව මුහුණ දීමට සිදූවන වේදනාවෙන් පසුවන බැවින් මෙම කලිමාව (අල්ලාහ්ට අවනතවීමේ සහතිකය) පැවසීම මග හැරෙයි. එමනිසා එම අවස්ථාවේ කලිමාව ඔහු වෙත සිහිපත්කර දීම වටී.
සියල්ල එකිනෙකට බැදී ගියාවු සම්බන්ධතාවයකින් යුක්තව කිසිදූ පරස්පරයකින් තොරව විශ්වයේ ඉතා කුඩා අංශුවක සිට සියල්ල නිමවු නිමැවුම් කරුවාණන්, අල්ලාහ්තආලා මෙලොව සියල්ලට ස්ථිර කල “මරණය”ට මුහුණ දීම විනා අන් කිසිවක් කිරීමට අපට අවකාශයක් නොමැති බව මින් පසක්වේ. එහෙත් ලද අවසරයෙන් මෙලොවත පරලොවෙහි වගාබිම බවට පත් කර අල්ලාහ්ගේ අනුමැතියට යටත්ව කටයුතු කර මරණයට නොබියව මුහුණ දීමට අපට සූදානම් විය හැක.
මරණය අභියස වේදනාවෙන් ලතවෙත මිනිසුන් අතර එයට සතුටින් මුහුණ දෙන චිත්ත පාරිශුද්ධියෙන් යුතු පුද්ගලයෙක්ව කලිමා පැවසීමට අපහට සූදානම් විය හැක. මන්දයත් ලොවම “ඉස්ලාම්” දරුණුතම ආගමක් යැයි පැවසුවද සැබවින්ම එහි සියළු ප්‍රතිපදාවන් ස්ථාපිතව ඇත්තේ මුඃමින්වරයෙකුගේ ගිණුමට අසීරුවකින් තොරව පින් බැරවන පරිදි මිස ඔහුගේ වරප්‍රසාද කප්පාදූ වන පරිදි නොවන නිසාය.
එසේනම් ආදරණීය සොයුරු සොයුරියණී “ඉස්ලාම්” ධර්මයට අනුගතව යම් දිනෙක ස්වර්ගයේ සුවදෙහි ආශ්වාදය ලබන්නට අවැසිනම් අල්ලාහ්ගේ මග පියවර තබා යහ ක්‍රියාවන් ඉටුකර මරණයට අභියෝග කරන්නට නොව මරණය ජය ගන්නට අප අදිටන් කරගතයුතු නොවේද ?

ඉන්ෂා අල්ලාහ්… නියතවශයෙන්ම දිනෙක පැමණෙන “මරණය” සියළු දෙනා වෙත ස්වර්ගයේ සුභාරංචිය ගෙනේවා…!!!

ඉන්ෂා අල්ලාහ්…. අදිටන් කරගන්න ….
“දිනෙක ඔබ මුස්ලිම්ව මිස අන් අයුරකින් මිය නොයන්න…!!!” (සූරා ආල ඉම්රාන් – 102)

බද්ර් , උහුද් හා අගල් යුධ වැලි තලා

බද්ර් , උහුද් හා අගල් යුධ
වැලි තලා මතින් නැගුනේ…
සතුරු පණ නල නසන්නට නම්….
Image
හුදෙයිබියා ගිවිසුමක් ගැන පරිච්ඡේදයක් තිබේවිද …?
යුධමය අරමුණක් වූයේ නම්
දෙවිදුන්ට අවනත දහම තුළ…
කල් ගිය උම්රාවක් ගැන සටහනක් තිබේවිද…?
ඉස්ලාමීය ඉතිහාසයේ…

“බහු භාර්යා විවාහය , ඉස්ලාම් හා යථාර්තය”

“බහු භාර්යා විවාහය , ඉස්ලාම් හා යථාර්තය”

Image
බහු භාර්යා විවාහය ලෝකයට නවක නොවූවද අද සියල්ලෝ එයින් මිදී අත පිස දමා ගනු ලබන්නේ පුරුදු පරිදි ඉස්ලාමය දෙසට දබරැගිල්ල දිගු කරමින්ය. එහෙත් ලොව පහළ වූ කිසිදු ධර්ම ග්‍රන්ථයක් බහු භාර්යා විවාහය තහනම් නොකල අතර අතීතයේ සිටම සෑම ආගමකම පාහේ මෙකී ක්‍රියාවලිය සිදුවිය. එමෙන්ම හින්දූන්ගේ ආගමික ග්‍රන්ථ වූ “රාමායනය” , “මහා භාරතය” හෝ “භගවත් ගීතය” මෙන්ම කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථය වූ “බයිබලය” සේම යුදෙව් ආගමික ග්‍රන්ථය වූ “තල්මුඩික්” වැනි මෙකී කිසිදු ආගමික ග්‍රන්ථයක් මෙය සිදු නොකල යුතු බවට අවධාරණයද නොකරයි.

හින්දු ධර්මය ගත් කල එහි ධර්ම ග්‍රන්ථ වල‍ට අනුව රාමාගේ පියාණන් වූ දසදර් හැට දහසක් භාර්යයාවන් සමග විවාහ වී සිට ඇත. බයිබලය තුලද පිරිමියෙකු එක් ස්ත්‍රියක් විවාහ කර ගත යුතුය යන නීතිය නොතිබූ නිසාවෙන් මුල් අවධියේදී ක්‍රිස්තියානි පුරුෂයින්ද බහු භාර්යා විවාහයට එළැඹෙමින් තමන්ට රිසි පරිදි කාන්තාවන් ගණනාවක් විවාහ කර ගැනීමට පෙළඹ ඇත. යුදෙව් ආගමිකයන්ද ස්ත්‍රීන් කිහිපදෙනෙකු විවාහ කර ගැන්මට අවසර ලබා තිබුණු අතර ඒබ්‍රහම් තුමාට බිරින්දෑවරුන් තිදෙනෙක්ද සොලමන් තුමාට බිරින්දෑවරුන් සිය ගණනක් සිටි බවද තල්මුඩික් ග්‍රන්ථය සදහන් කරයි. මෙසේ වූ බහු භාර්යා විවාහයට පසුකාලීනව තහංචි පැනවීමක් ඒ ඒ ජන සමාජ තුළින් ඇතිවීමත් සමග බහු භාර්යය විවාහයට වැට බැදෙන්නට විය.

1954 දී සම්පාදිත හින්දු විවාහ නීතියේදී හින්දු භක්තිකයින් හට බහු භාර්ය විවාහය තහනම් කරනු ලැබූ අතර එසේ එය තහනම් කරනු ලැබුවේ හින්දු ධර්මය විසින් නොව ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බව අවධාරණය කල යුතුය. ඉස්ලාම් භක්තිකයින්ට පමණක් බහු භාර්යා විවාහයට අවසර දුන් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හින්දුවරුන් මෙකී විවාහය සිදු කිරීම නීති විරෝධී වේ. තවද ගතවූ ශත වර්ෂ කිහිපයකට පෙරදී ක්‍රිස්තියානි පුරුෂයින්ද එක් ස්ත්‍රියක් පමණක් විවාහ කර ගත යුතු යැයි ක්‍රිස්තියානු දෙව් මැදුරු මගින් නිවේදනය කරමින් බහු භාර්යා විවාහය කිතුනු බැතිමතුන් වෙත තහනම් කරන ලදී. එමෙන්ම ක්‍රි:ව: 960 දී උපත ලබා ක්‍රි:ව: 1030 දී මියගිය රබ්බි ගෙර්ෂොන් බෙන් යහුදා නැමැති යුදෙව් ආගමිකයා බහු භාර්ය විවාහයට විරුද්ධව නීතියක් පනවා ප්‍රකාශයට පත් කිරීම දක්වා යුදෙව් වරුන්ට මෙකී විවාහය සදහා තහංචි කිසිවක් නොවීය. 1950 වසර අවසානයේදී ඊශ්‍රායලයේ පිහිටා ඇති යුදෙව් මූලස්ථාන‍ය මගින් පුරුෂයින් කාන්තාවන් කිහිප දෙනෙකු විවාහ කර ගැනීම තහනම් කර නීති පනවන තෙක් ඉස්ලාමීය රටවල විසූ යුදෙව්වරුන් විවාහ කරගැන්ම සම්ප්‍රදාය විය. මෙලෙස අතීතයේදී බහු භාර්යා විවාහය මිනිසුන් සමග බැදී තිබූ අතර පසුව නීති සම්පාදනය ඔස්සේ එය සමාජයෙන් ඉවත් කිරීමක් සිදුවිය.

ආගමික ග්‍රන්ථ ඔස්සේ විවාහයට සුදුසු ස්ත්‍රීන්ගේ සංඛ්‍යාව සදහන් නොකල අවධියක එක් ස්ත්‍රිගයක් පමණක් විවාහ කරගැන්මට අවධාරණය කරමින් ඉස්ලාමය පහල විය.

“අනාථයින්ගේ විෂයෙහි යුක්තිසහගතව කටයුතු කල නොහැකි යැයි ඔබ බිය වුවහොත් ඔබ ප්‍රිය කරන ස්ත්‍රීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ සිව්දෙනෙකු හෝ විවාහ කර ගන්න! යුක්තිසහගතව කටයුතු කල නොහැකි යැයි ඔබ බියවන්නේ නම් එක් ස්ත්‍රියකි.” (සූරා අන්නිසා : 3)
යනුවෙන් මෙම අල් කුර්ආන් වැකිය පහළ වීමත් සමග සංඛ්‍යාත්මකව සීමාවක් නොවූ බහු භාර්යා විවාහයට සංඛ්‍යාත්මකව සීමා පැණවින. ඉස්ලාමයට අනුව එක් පුරුෂයෙකු හට ස්ත්‍රින් උපරිමයෙන් ස්ත්‍රියන් සිව්දෙනෙකු විවාහ කර ගැනීමට අවසර ඇති මුත් ඔහු එකී කාන්තාවන් අතර එක සමානවූ සාධාරණයක් ඉටුකල යුතුය යන කොන්දේසියට යටත්ව සිටිය යුතුය.

“භාර්යාවන් අතර යුක්තිසහගතව කටයුතු කිරීමට ඔබ ආශා කලත් ඔබට නොහැකිය. එබැවින් මුළුමනින්ම (එක් පසෙකට) ඇලවී අනෙක් තැනැත්තිය ගුවනෙහි එල්ලා දැමූ අයෙකු මෙන් අත්හැර නොදමන්න. ඔබ සමගිය ආරක්ෂා කොට (දෙවියන්ට) බියවුවහොත් අල්ලාහ් ක්ෂමාකරන්නෙකු හා අපරිමිත දයාවන්තයෙකු වේ.” (සූරා අන්නිසා : 129)

මෙලෙස අල්ලාහ් අල් කුර්ආනය ඔස්සේ විධානය කරමින් බහු භාර්යා විවාහය යනු අනුමත ලද්දක් මිස අනිවාර්යය නොවන්නක් බවත් එයට කොන්දේසි සහිත බවත් මෙකී විවාහයට එළඹෙන්නා උක්ත කොන්දේසීන්ට යටත් විය යුතු බවත් අවධාරණය කරයි.

එක් ස්ත්‍රියක් පමණක් විවාහ කරගත් හා බහු භාර්යා විවාහකට එළඹ සිටින මුස්ලිම්වරයා අතර කිසිදු උස් පහත් බවක් නොමැති බැව් ඉස්ලාම් පවසා සිටී. එමෙන්ම ඉස්ලාමය තුළ මෙකී විවාහයට අවසරදීමට පහත කරුණුද බලපායි.

ස්වාභාවිකව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම සමාවූ ප්‍රතිශතයකින් උප්පත්තිය ලබන මුත් රෝග ප්‍රතිශක්තීකරණය අතින් ස්ත්‍රිය පුරුෂයා අබිභවා ඉදිරියෙන් සිටී. මේ හේතුව මත ළදරු අවධිය තුළ පිරිමි දරුවන්ගේ මරණ සංඛ්‍යාත්මකව ඉහල යයි. යුද්ධයන්හිදීද රෝග වැලදීම හේතුවෙන්ද මරණයට පත්වන පිරිමින්ගේ ප්‍රමාණය අධිකවේ. තවද පිරිමින්ගේ ආයුකාලය ස්ත්‍රීන්ට සාපේක්ෂව අඩුවෙන් පවතී. එම නිසා ලෝකයේ වැන්දඹුවන් ගණනින් ඉහල යන විට ඔවුන්ගේ ආරක්ෂිත පැවැත්මට පිළියමක් ලෙස බහු භාර්යා විවාහය හදුන්වා දෙන අතර විවිධ හේතූන්මත ගැහැණු දරුවකු යැයි හදුනාගැනීමෙන් අනතුරුව කළල ගබ්සා කිරීමට තිත තැබීමටද මෙය පිළියමක් ලෙස ඈදා ඇත. ලෝක ජනගහ‍නයෙන් ස්ත්‍රීන්ගේ සංඛ්‍යාව අධික වීම නිසා බලපාන ඇතැම් ගැටළුකාරී තත්ත්වයන්ටද මෙය යහපත් අයුරින් බලපායි.

එමෙන්ම පුරුෂ පක්ෂය තම සමජාතියේ සහකරුවෙක් ජීවන සහකරු ලෙස යොදා ගනිමින් ස්ත්‍රියට එම ස්ථානය අහිමිකිරීම තුලින් හට ගන්නා ගැටළු වලට මෙන්ම විවාහයට පරිබාහිරව ස්ත්‍රීන් ඇසුර හේතුවෙන් ස්ත්‍රීන්ට සිදුවන අවමානයෙන් ඇය මුදවා ගැනීමටද එය පිළියමක් වේ. එමගින් සමාජීයමය අයුරින් ඒ දෙපලට සිදුවන බලපෑම්ද අවම වේ. එමෙන්ම එවන් තත්ත්වයකට මුහුණපාන ස්ත්‍රියට “හොර අඹුව” යන නාමය පටබැදීම වෙනුවට “දෙවන බිරිද” ලෙස නීත්‍යානුකූලව දිවි ගෙවීමට අවස්ථාව උදාවේ.

මෙලෙස විවිධ ආගම් හා ජන සමාජ වෙත සීමා රහිත වූ ස්ත්‍රීන් ප්‍රමාණයක් විවාහකර ගැන්මට අවස්ථාව ලබා දෙමින් අවිධිමත්ව තිබූ බහු විවාහය විධිමත් කල ඉස්ලාමය එයට අනුමැතිය ලබා දී ඇත්තේ කිසිවිටෙකත් පිරිමින්ට කායික අවශ්‍යතාවයන් සන්තර්පනය කිරීමට නොවන බැව් පැහැදිලිය. අනුමැතිය ලද එහෙත් ඉස්ලාමය තුළ කිසිවිටෙකත් අනිවාර්ය නොවූ බහු විවාහය තුළින් සමාජ සුභසාධනීය ක්‍රියාවලීන්ද සිදුවන බැව් දැන් ඔබට වැටහෙනු ඇත.

“භේදයට පිළියම ඉස්ලාමීය සංකල්පයයි”

“භේදයට පිළියම ඉස්ලාමීය සංකල්පයයි”
Image
භේදය වනාහි විවිධාකාරය. පුළුල් පරාසයන් සහිතය. එහෙත් භේදයෙහි විවිධත්වය තුළද ප්‍රමුඛස්ථානය හිමිකර ගන්නා ඇතැම් කොටස් වේ. වර්ණ භේදය, ජාති භේදය, උපන් දේශය අනුව භේදය, භාෂා භේදය, වර්ණ භේදය මේ ආදී කොටස් වේ. වර්තමානයේ මිනිසා විසින් මිනිසාත් මුළු මහත් ලෝකයත් විනාශ කරන්නේ මෙවන් භේදයන්ය.

විටෙක මිනිසාට දේවත්වය හෝ බ්‍රාහ්මණත්වය ආරුඪ කරදීම හේතුවෙන් ඔවුහු අයිතිවාසිකම් උපරිමයෙන් භුක්ති විදිති. තවත් තැනක මිනිසා ස්පර්ශ කිරීමට පවා නුසුදූසු තිරිසන් සත්වයකුගේ මට්ටමට පත්කොට වහල් මෙහයේ යොදවති.

විටෙක මිනිසා දෙවියකු වීමටත් තවත් විටෙක මිනිසා වහලකු වීමටත් හේතුව ඉහත සඳහන් කළ භේදයන්ගෙන් එකකි. අතීතයේ වරෙක ඔහු අප්‍රිකාවේ ඉපදීමත් කළු වර්ණ සමක් හිමිව තිබීම හේතුවෙන් වහලකු වීමටත්, තවත් විටෙක ඔහු අමෙරිකාවේ හෝ සම සුදූ පැහැ ඇත්තවුන්ගේ රටක ඉපදීම නිසාවෙන් රිසි සේ අයිතිවාසිකම් භුක්ති විඳින්නෙකු වීමටත් හැකියාව ලද්දේ එහෙයිනි.

මෙසේ භේදයේ අංකුර යුද්ධයේ බීජ වපුරන්නටද හේතු සාධක විය. මිනිසා විසින් මිනිසා සමූල ඝාතනය කිරීමට ඉහත සඳහන් මෙබඳූ වෙනස්වීම් මුල් විය. භේදයෙහි අවසන් තෘප්තිමත් ඵලය මිනිසා මෙලෙසින් මරණයට යටත් කිරීම වී අවසන්ය.

ලොවට පිලිලයක්ව දළුලන අහිතකර වූ භේදයට පිළියම් සෙවීමට කරන්නාවූ ගවේෂණයේදී ගවේෂකයන් හට සදාකාලිකවූත්, අරුත්බරවූත්, භෞතිකව ප්‍රත්‍යක්ෂ යැයි සාධනය කළ හැකි වූත් , ඉතා යෝග්‍ය වූත්, සැනසිලිදායකවූත් භාවිතයට සුදූසු වූත් එක් මගක් ඇත.

ඒ අන් කිසිවක් නොව, ලොව මවා පාලනය කරන්නාවූ එකම සර්ව බලධාරියාණන් අවසන් නබි (සල්) තුමාණන් ඔස්සේ ලොවට දායාද කළ සදාකාලිකවූ ජීවන පැවැත්මයි. එනම් “ඉස්ලාමයයි.”

නබි (සල්) තුමා භේදය නම් වූ රෝගයට ඉතා ඵල සහිතව නිසි අයුරින් මානුෂීයව ප්‍රතිකාර කළේය. ඉස්ලාමය වර්ණ, ජාති, ආගම්, වාර්ගීය පක්ෂපාතීත්වය ආදිය හේතුවෙන් පැන නැගි ගැටළු ඉතා සාර්ථකව සමථයකට පත් කළේය. එය ඉස්ලාමීය විරුද්ධවාදීන් පවා අද වන විට පිළිගනි.

වරෙක අප්‍රිකාවේ උපන් අමෙරිකානුවන්ගේ සුපතල නායකයෙකු වූණී සුදූ ජාතිකයින්ට විරුද්ධව අන්තවාදී කළු ජාතික පෙරමුණ මෙහෙය වූ මැල්කම් එක්ස් ඉස්ලාමයට පිවිස ඊමාන්ධාරියකු වූ පසු හජ් වන්දනයට එක්විය.

ඔහුගේ දිවිය, සිතුවිලි ආදිය වෙනස්කළ එක් කරුණක් සිදූවිය. එය නම් පවිත්‍ර මක්කාවේදී ලොව සිව් දිගින් පැමිණ එකම ආකාරයේ ඇදූමකින් සැරසී (ඉහ්රාම්) එකම අයුරින් ලබ්බෙයික්… පවසමින්, එකම අරමුණකින් එකම දෙවියකුගේ ඉදිරියේ එක්රැස්ව, එකමුතුව සිටින මිනිසුන් ඔහු දූටුවේය. එහෙත් ඔවුන් විවිධ දේශයන්හි විවිධ භාෂා හසුරුවන, විවිධ වර්ණයෙන් යුත් ජනයා විය.

තම රටතුළ මෙතෙක් ගන්නා ලද තීරණයන්හි නොහොඳ හරි හැටි එහිදී ඔහු වටහාගත්තේය. වර්ණ, ජාති, ආගම්, කුල, භේදයන් මර්දනයට විසදූම මෙය බව ඔහු පසක් කරගත්තේය.

“හජ්” යනු ඉස්ලාමීය ධර්මය තුළ එක් කොටසකි’ පුද්ගලයෙකු විසින් සමස්ථ ඉස්ලාම් ධර්මය තුළට නුවණින් යුතුව එබිකම් කරන්නේ නම් ඔහුට මේ හා සබැ¢ බොහෝ කරුණු ඉන් උකහා ගත හැක’ ඉස්ලාම් යනු රටකින් රටකට වර්ණයකින් වර්ණයකට ජාතියකටණී ගෝත්‍රයකට හෝ භ+ගෝලීය විෂමතා අනුව තෝරා බෙදා වෙන්කර මිනිසාට අමතන්නාවු දහමක් නොවේ’

ඉස්ලාමීය සමාජය තුළ ඉස්ලාම් සහෝදරත්වයට එක්වන්නාවූ අයව¿න් ඇමරිකානුවාදණී අපි්‍රකානුවාද යන්න විමසන්නේ නැත’ කොමියුනිට්ස් වාÈයෙක්ද නොවේද යන්න අසන්නේ නැත’ එමෙන්ම ඉස්ලාම් සමාජය තුළ ඉස්ලාම් නොවන පුද්ගලයාට සළකණු ලබන අයුරුද හාත්පසින් වෙනස්ය’ මෙසේ විමසිල්ලෙන් බලන කළ ඉස්ලාමය ලොවෙහි ව්‍යාප්ත සිය¿ ජන සමාජ සඳහා සර්ව සාධාරණ දහමක් බව වටහාගත හැක’

ඉස්ලාමය තුළ මෙසේණී භේදය මැඩලීමට ප්‍රබල සාධකයක් වේ’ එනම්ණී ඉස්ලාමීය දේව සංකල්පයයි’ ඉස්ලාමීය දේව සංකල්පය දෙවියකු පවතී යන්න පමණක්ම නොව ඉන් ඔබ්බට ගියාවූ පු¿ල් අර්ථයක් සහිතය’ එය ’මැවුම්කරුවානන් ආඥාදායකයාත්ණී ස්වාමියාත් එකම දෙවියන් වූ අල්ලාහ්~~ බවය’

එහෙයින් ඉස්ලාම් සමාජය තුළ ලොවෙහි කිසිවක් ජනනය කිරීමටත්, ආඥාවන් පතුරුවා හැරීමටත් මිනිසාට හෝ අන් කිසිවකට ස්වාමි වීමටත් අන් කිසිදූ බලයකට නොහැකි බව වටහාගෙන ඇත. එකී සියළු බලය සතු අල්ලාහ්ටය.

එමනිසා ජීවිතය සැකසීමේ හෝ එසේ නොකිරීමේ බලයත්, ජීවිතය හා මරණය සම්බන්ධ බලයත් අල්ලාහ්ට පමණක් සතු බව සැබෑ ඉස්ලාමීය බැතිමතුන් විශ්වාස කරයි.

මෙම සංකල්පයට අනුව පෘථිවිය ඇතුළුව සමස්ථ විශ්වයම ක්‍රියාත්මක වන්නේ අල්ලාහ්ගේ අණට සදාකාලිකවම යටහත්වය. එමනිසා මිනිසා අප දෙවියන් විසින් දායාද කළ ජීවිත සැලැස්මෙන් බැහැරව හෝ ප්‍රතිවිරුද්ධව ක්‍රියාකාරී වුවහොත් ඔහු සමස්ථ විශ්ව ක්‍රියාකාරිත්වයටම පටහැනිව ක්‍රියා කරයි. එසේ වීමෙන් සිදූවන්නේ ඝට්ඨනයයි.

තවදූරටත් මෙය විග්‍රහ කළවිට ඉස්ලාමීය චින්තනය මිනිසා අල්ලාහ් විසින් මවනු ලැබීම හා අල්ලාහ් මිනිසාගේ ස්වාමියා වීමයි. එසේ හෙයින් මැවුම් කරුවාට එරෙහි වීමට හෝ ඔහු ඉක්මවා යාමට කිසිදූ නිර්මාණයකට අවස්ථාවක් හිමිවන්නේ නැත. එය යථාර්තවාදී නොවේ. එහිදී අවසන් ඵලය දූක්ඛ සමුදායකි. මන්දයත් යථාර්ථය සදාකාලිකය. අඛණ්ඩය.

අදවනවිට සිදූව ඇත්තේ යථාර්ථය අභිබවා යමින් මිනිසා විසින් තමාගේ හෝ තම වර්ගයාගේ හෝ භූමියේ ස්වාමිත්වය ලබා ගැනීමට කටයුතු කිරීමය. මෙය යථාර්ථයට ප්‍රතිවිරුද්ධය. ඉස්ලාමීය සංකල්පයට අනුව යථාර්ථය පිටුදැකීම දූක පමණි. එය අවසන් ඵලය වේ. මෙකල අප දකින්නේ එය නොවේද ?

එමෙන්ම ඉස්ලාමීය දේව සංකල්පය තුළ දිනෙක සියළු කර්තව්‍යයන් අවසන මැවුම්කරුවා ඉදිරියේ නැගි සිට කළ හොඳ නොහොඳ පිළිබඳ පිලිතුරු සැපයීමට සිදූවන බව ගැබ්ව ඇත. මෙම චින්තනය සිත තුළ උපදින සෑම පාපකාරි ක්‍රියාවකටම වැට බදීයි. එමනිසා රහසින් හෝ ආලොක්යේදී හෝ අඳූරේදී හෝ මිනිසා පවින් වැලකි සිටියි. මිනිසා සදාචාර සම්පන්නව ගොඩ නැගීමට මේ හා සසැදෙන අන් ක්‍රමයක් නොමැත.

වංකභාවය හෝ සදාචාර සම්පන්න ක්‍රියාවලින් ප්‍රතිපත්තිමය හේතූන් හා අවස්ථාවන් මත බැහැර වීම මෙමගින් සිදූනොවේ. මෙම චින්තනයට අනුව ඊට අනුගත මිනිසාගේ පෞද්ගලික හා බාහිර ලෙසින් ජීවිතය බෙදී නොමැත. ඒ අනුව වංකභාවය, අශිෂ්ඨ බව, විනාශයට මූලික වන බව විශ්වාසය මගින්ම වටහා දී ඇත.

සදාචාරය යනු ආශ්‍රමයක ශ්‍රමණයන් විසින් හෝ ගුප්ත ධ්‍යාන වැඩීමෙන් සුරකින හෝ ලබාගත හැකි දෙයක් නොවන බව නබි (සල්) තුමාගේ ජීවිත දර්ශනය ඔස්සේ වටහා දී ඇත. එතුමා සියළු ක්ෂේත්‍රයන්හි සදාචාර සම්පන්නව ක්‍රියාකාරී වූවේය. මෙසේ නබි (සල්) තුමා ඔස්සේ පහළ කළ ඉස්ලාම් ධර්මය සදාචාරාත්මකව නොබිදිය හැකි පදනමක්, ස්ථාවර බවක් ලබා දෙයි.

ඒ අනුව පැහැදැලි දෘෂ්ඨියකින් බල කළ මේ සියළු උපද්‍රවයන් සඳහා යෝග්‍යතා සහිත සංකල්පය ඉස්ලාමීය සංකල්පය නොවේද ?

කවරෙකු හෝ මේ සංකල්පය පිළිබඳ විශ්වාසය තබන්නේ නම් ඔහු ලෝක මුස්ලිම් සහෝදරත්වයට එක් වේ. වර්ණය කුමක් වූවද, කුමන දේශයක කුමන දිශාවකට අයත් වූවද, කුමන භාෂාව උඡ්චාරණය කළද, ඔහු මේ මිහිමත හුස්ම ගන්නේ නම් එදවස නබි (සල්) තුමා සියල්ල නොතබා සහෝදරත්වයේ පවිත්‍ර දෑත් දිගු කළේය.

ඉස්ලාම් යනු භූගෝලීය පක්ෂපාතීත්වය, ජාති ආගම්, වර්ණ, භාෂාමය භේද, වැට කඩොළු, බාධා, අසමානතා ව්‍යාකූලතා රහිතව මිනිසා වෙත ආමන්ත්‍රණය කරන සර්ව සාධාරණක්‍රියාවෙන් ඔප්පු කළ හැකි ධර්මයකි.

එසේ හෙයින් වර්ණය, ජාතිය, කුලය, උපන් රටෙහි භූ විෂමතාවය, භාෂාව ආදී විවිධාකාර විෂමතාවන් හේතුවෙන් භේදවන වර්තමාන ලෝකයට, ඉන්ෂා අල්ලාහ්! සියළු අවිඳූ අදුරු දූරලා පොළොවට ඉහළ අහසේ සාමයේ රිදී රේඛාවන් අදින්නටත්, ලෝකය තුළ මිනිසා සමස්ථයක් ලෙස සලකා සහෝදරත්වයේ දෑත දිගු කරන්නටත්, විශ්වයේ ක්‍රියාවලියට සමගාමීව ඉදිරියට යන්නටත්, සිනාවේ සේද සේයාවන් අතර මනුෂ්‍යත්වයේ පැහැසර අරුණ දකින්නටත් , සත්‍ය ධර්මය මගින් මිනිසාට සාධනය කරන ලද නිදහසේ සංකල්පය… ඉපැරණි වූවද ආඥාවන් එලෙසම පවතින නොවෙනස්වූ එකම සර්ව බලධාරියාණන්ගේ සදාකාලික ධර්මය වූ “ඉස්ලාමය” නොවේද…?

“කාන්තාවට සුදුසු ධාර්මික ජීවන ප්‍රතිපදාව ඉස්ලාම්”

“කාන්තාවට සුදුසු ධාර්මික ජීවන ප්‍රතිපදාව ඉස්ලාම්”
Image
ලෝකයේ පැවැත්ම , සුන්දරත්වය “කාන්තාව” යැයි පවසන සමාජය වරෙක ඇය වාණිජ්‍යමූල සමාජයේ සාර්ථක වෙළද සන්නාමය බවට පත්කර ගත් අතර තවමත් එය අඛණ්ඩව සිදුකරගෙන යනු ලබයි. අයිතීන් හිමිකර දුන් බැව් පවසමින් නිවසින් බැහැරට ගෙන ගිය ඇය අදවන විට කිසිවෙකුත් වග නොකියන වෙළද භාණ්ඩයක් ලෙසද සමාජගත කර හමාරය. ජීවිතයේ කෙටි ජීවන කාලය තුළ එකවර විවිධ චරිතයන් නිරූපනය කරන කාන්තාව නම් තැනැත්තියගේ වර්ථමානය මෙසේ වනවා මෙන්ම අතීතයට හිස පොවන කල එය වර්තමානයට දෙවෙනි නොවන්නේය.

අතීතයේදී කාන්තාව යනු පණ නැති දෙයක් ලෙස සිතා ඇයට කිසියම් වටිනාකමක් නොදුන් රෝම ජාතීන් ඇය නිරන්තර වද හිංසා වන්ට භාජනය කළේය. නොයෙක් වද බන්ධනයන්ට කාන්තාව බදුන් කල ඉන්දියානු සංස්කෘතියද ස්වාමියා මල ස්ත්‍රිය ස්වාමියාගේ චිතකයේම දවන්නට තරම් කෲර විය. තම සෞභාග්‍යය හා සම්පත් විනාශ කරන ජලයට කාන්තාව සමාන කල එදා චීන සමාජය තම බිරිද පණ පිටින් වැළලීමේ හා විකිණීමේ අයිතිය පුරුෂ පාර්ශවයට හිමිකර දී තිබිණ.

ග්‍රීක ජාතීන් අතර වෙළද භාණ්ඩයක් ලෙස නම් ලද කාන්තාව දේපල හා මුදල් පරිහරණය කිරීමේ අයිතිය පවා අහිමිව සිටියේය. සුප්‍රකට ග්‍රීක විද්‍යාඥයෙකු වූ සොක්‍රටීස් “විශ්වයේ භයානක විනාශයට කාන්තාව මූලික වන බව පැවසූ අතර ඇය බාහිරෙන් සුන්දර වූ විෂ ගසකට සමාන යැයි පැවසීය. එම ගසෙන් යමක් අනුභව කරනු ලබන පක්ෂීන් එවිගසම මරු දකිති යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා ඇත.” කාන්තාව සාපයට ලක්වූවෙකු ලෙස සැලකූ යුදෙව්වන් ආදම් (අලෛහිස් සලාම්) තුමා අයහමගට යොමුකර තහනම් ගසෙන් අනුභව කිරීමට මග පෙන්වීම එයට හේතුව බැව් පවසා සිටියේය. තමන්ට හිමි ඉඩම්වල හා මිදි වතුවල තීරු බදු ගෙවීම පිණිස තමන් සතු ගැහැණු දරුවන් උකසට තැබීමට යුදෙව්වරුන් බලය ලබා තිබූ අතර කාන්තාවට සහෝදරයින් සිටී නම් පියාගේ ධනයට උරුමකමු කීමටද අයිතියක් හිමි නොවීය.

කිතුනුවන් කාන්තාව ෂෛතාන් (යක්ෂයා) ලෙස සැලකූ අතර “කාන්තාවන් මිනිස් ජාතියටම අයත් නොවන්නන්” බව ඔවුන්ගේ ආගමික උගතෙකුද පවසා ඇත. 19 සියවසේ මැද භාගය තෙක් ඉංග්‍රීසි සාමාන්‍ය නීතිය අනුව කාන්තාවන් ප්‍රජා අයිතිය ලද අය බව නොසැලකීය. එමෙන්ම කිසිදු මිනිස් අයිතියක් හෝ උරුමයක් ඔවුනට නොතිබිණ. “කාන්තාවන්ට කිසිවකට බලය නොදිය යුතුයි.” යනුවෙන් 1567 දී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව නීතියක් පනවද්දී අටවැනි හෙන්රි ගේ කාල වකවානුවේදී “කාන්තාවන් අපිරිසිදු බැවින් බයිබලය පාරායනය නොකල යුතුයි” යනුවෙන් නීතියක් සම්මත කරන ලදී. ප්‍රංශය “කාන්තාව මිනිස් සමාජයට අයිතිද? නැද්ද?” යනුවෙන් සමීක්ෂණය කිරීමට 586 දී කමිටුවක් පත් කල අතර “කාන්තාව මිනිස් සමාජයට අයත් වන නමුද් ඔවුන් මවන ලද්දේ පුරුෂ පාර්ශවයට ආවතේව කිරීමට බව” තීරණය කර සිටියේය. සැමියාට බිරිද විකිණීමේ අයිතිය 1805 දක්වා ඉංග්‍රීසීන්ගේ නීතිය අනුව හැකිවූ අතර බිරිදගේ වටිනාකම පැන්ස හයක් (ෂිලින් භාගයක්) බවට නිගමනය කළේය.

ඉස්ලාමයට පෙර අරාබිවරුන්ද කාන්තාව නින්දනීය පිරිසක් ලෙස සැලකූහ. අයිතීන් අහිමිව සිටි මොවුන් හට සමාජ පිළිගැනීමක් නොතිබිණ. අරාබිවරුන්ගෙන් බොහෝ පිරිස් තම දියණිවරුන් පණ පිටින් වළ දැමූහ.

“නියත වශයෙන්ම ඔබ එක් පිරිමියෙක් සහ එක් සුත්‍රියක් මාර්ගයෙන් මැව්වෙමු. ” (අල් කුර්ආන් 49 : 13) යන වැකියෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පැහැදිලිකරමින් කාන්තාවගේ දුක්ඛ දොම්නස් මුදා හරින්නට ඉස්ලාම් දහමේ හිරැ කිරණ පතිත විය. “පිරිමින් හෝ කාන්තාවන් වේවා කවරෙකු විශ්වාස කර කුසල් කාර්යයන්හි යෙදෙන්නේද, ඔවුන් ස්වර්ගයට පිවිසෙති.” (අල් කුර්ආන් 4: 124) යනුවෙන් යළිත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය අධාරණය කල ඉස්ලාම් කාන්තාව සදහා අයිතීන් ප්‍රදානය කළේය.

ඉස්ලාමය හිමිකර දුන් කාන්තාවගේ පොදු අයිතීන්:
1. සම්පත් සතුකර ගැනීමේ අයිතිය 2. විවාහවීමේ අයිතිය 3. අධ්‍යාපනය ලැබීමේ අයිතිය. 4. වියදම් කිරීමේ අයිතිය 5. මරන සාසන අයිතිය 6. ඇදුම් පැළදුම් ඇදීමේ පැළදීමේ අයිතිය 7. තමා අලංකාර කර ගැනීමේ අයිතිය 8. ආහාර පාන ගැනීමේ අයිතිය

 
විවාහ වන වයස් සීමාවේදී සත්‍ය වශයෙන්ම මුස්ලිම් ස්ත්‍රියකට තම අනාගත සැමියා තෝරා ගැනීමේ අයිතිය හිමිය. විවාහයක් තීරණය කිරීමට පෙර භාරකරු විසින් විවාහ වීමට සිටින කාන්තාවගේ කැමැත්ත ලබා ගැනීම අනිවාර්යය. ඇයගේ පූර්ණ කැමැත්ත නොමැතිව ඇයට විවාහය සදහා බල කිරීමට කිසිවෙකුටත් නොහැක. එහෙත් විවාහ කරදීමට සූදානම් වන පුරුෂයා පිළිබද තොරතුරු සොයා බැලීම වැඩිහිටියන්ගේ වගකීමකි. ඉස්ලාමීය විවාහ ක්‍රමය තුළ දෑවැද්ද දීම විවාහවන කාන්තාව මත පැටවෙන වගකීමක් නොවන්නේය. ඉස්ලාමීය විවාහ ක්‍රමය තුළ දෑවැද්ද ලබාදීම සිදු කල යුත්තේ විවාහ වන පිරිමියා විසින් තමා විවාහ කර ගන්නා කාන්තාව වෙතය. එය “මහර්” යනුවෙන් හැදින් වෙන අතර එය පිරිමියාට අනිවාර්යය වන වගකීමකි. මුදලින් හෝ වටිනා අන් දෙයක් මගින් මෙය දිය හැක. මෙය අරාබි බසින් “සිදාක්” නම් වේ. මහර් පිළිබද අල් කුර්ආනයේ සදහන් අයුරු:“ස්ත්‍රීන්ට ඔවුන්ගේ මහර් ත්‍යාග කරන්න.” (අල් කුර්ආන් 4 : 4)

එමෙන්ම පවුල් සංස්ථාව තුළද කාන්තාවට සමතැන් හිමිවූ අතර “ඔවුහු ඔබගේ සළු පිළි වැනිය. ඔබද ඔවුන්ගේ සළු පිළි වැනිය.” (අල් කුර්ආන් 2 : 187) යන අල් කුර්ආන් වැකිය ඒ සදහා කදිම නිදසුනකි. මෙසේ පවුල් ජීවිතය තුළ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට සමාන ස්ථානයන් හිමි කර දෙන අතර පවුල වෙනුවෙන් ඉපැයීමේ වගකීම පුරුෂයා වෙත පවරයි. මන්ද යත් ඔහුගේ ශාරීරික ශක්ති ප්‍රමාණය, දරා ගැනීමේ හැකියාව හා ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව ආදී ඔහුට ස්වාභාවයෙන් හමු වූ කායික හැකියාවන් නිසාවෙනි. විවාහ දිවිය තුළ පුරුෂයාගේ භූමිකාව පිළිබද මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා මෙසේ ප්‍රකාශ කර ඇත.“විශ්වාසවන්තයින්ගෙන් පූර්ණ විශ්වාසවන්තයෙකු වන්නේ ශ්‍රේෂ්ඨ ගති ගුණ වලින් සම්පූර්ණ තැනැත්තාය. ඔබලා අතර යහපත් වන්නේ තම බිරිදට යහපත් වූ තැනැත්තාය. (මූලාශ්‍රය : තිර්මිදි)

සැමියාට කීකරු යහපත් බිරිදක් ලෙස දරුවන් හදා වඩා ගැනීමේ ක්‍රියාවලියේදී වැඩි කොටසක් දැරීම ආදිය විවාහක ස්ත්‍රියකගේ පවුල තුල භූමිකාවේ ප්‍රධාන කාර්යයන් වේ. එය එසේ වීමෙහි අර්ථය එම ක්‍රියා කෙරෙහි පුරුෂයාට වගකීම් නොමැති බව නොවේ.
අල් කුර්ආනයේ මෙසේ සදහන් වේ.“ කිරි දෙන මව්වරුන්ට හොදින් ආහාර සැපයීමද ඇදුම් සැපයීමද ඔහු (දරුවාගේ පියා) වෙත ඔහුගේ තත්ත්වය අනුව පැවරී ඇත.” (අල් කුර්ආන් 2 : 233)

කාන්තාවක් මවක් ලෙස ගොඩ නගන චරිතයටද ඉස්ලාමය තුළ විශිෂ්ඨ ස්ථානයක් හිමිවේ. එම අග්‍රගන්‍යම ස්ථානයක් හිමිවන බව පහත නබි වදන් (හදීස්) තුළින්ද පැහැදිලි වේ. “ මවගේ පාමු ස්වර්ගය පවතීයි.” (මූලාශුය : මුස්නද් අහ්මද්)

මෙම නබි වදනද එයට උදාහරණයකි.

“එක් පුද්ගලයෙක් මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා වෙත පැමිණ “අල්ලාහ්ගේ රසුල්වරයාණෙනි ! මා ඉතා සෙනෙහසින් ඇසුරු කිරීමට සියල්ලටම වඩා ඉතා සුදුසු වන්නේ කව්රුන්දැයි විමසීය. එයට එතුමාණෝ “ඔබේ මව” යැයි පැවසුවේය. ඉන් පසු කව්රුන්දැයි විමසන විට “ඔබේ මව” යනුවෙන් නැවත පැවසුවේය. තෙවන වරටද විමසූ විට නැවතත් “ඔබේ මව” යනුවෙන්ම පිළිතුරු දුන්නේය. සිව්වන වර විමසූ විට “ඔබේ පියා” යනුවෙන් පිළිතුරු දුන්නේය.” (මූලාශුය : බුහාරි)

ඉස්ලාම් දහම තුළ දික්කසාදය යනු අල්ලාහ්ට ඉතා අප්‍රිය වූ ක්‍රියාවලියකි. එහෙත් විවාහක දෙදෙනෙකුට එක්ව ජීවත් වීමට කිසිසේත්ම නොහැකි අවස්ථාවක දික්කසාද වීමේ අවසරය ඉස්ලාමය විසින් ලබා දී ඇත. මුස්ලිම් කාන්තාවකටද දික්කසාද වීමේ අයිතිය හිමිකර දී ඇත. දික්කසාද අවස්ථාවේද ස්ත්‍රිය තනි නොකරන ඉස්ලාම් වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින දෙපලක් දික්කසාද වූ විට එම දරුවා රැක බලා ගැනීමේ හේතුව කරණ කොට දරුවාට වයස අවු දෙකක් සම්පූර්ණ වන තෙක් දරුවා මවට භාර කෙරේ.අල් කුර්ආනයේ මෙසේ සදහන් වේ.

“(තම ළදරුවන්ට) කිරි පෙවීමේ කාලය සම්පූර්ණ කිරීමට (පියවරුන්) අදහස් කල හොත් මව්වරුන්ගේ ඔවුන්ගේ ළදරුවන්ට සම්පූර්ණ දෑ අවුරුද්දක් කිරි පෙවියයුතුය.මෙවැනි අවස්ථාවන්හිදී ඔවුනට (මව්වරුන්ට) සාධාරණ අන්දමින් කෑම සැපයීමද ඇදුම් දීමද ළදරුවාගේ පියා වෙත ඔහුගේ තත්ත්වය අනුව පැවරී ඇත.” (අල් කුර්ආන් 2 – 233)

ඉස්ලාමීය වත් පිළිවෙත් සියල්ල තුළ කිසිදු භේදයකින් තොරව ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයටම සමානවූ වගකීම් හිමිව ඇත. එමෙන්ම අල් කුර්ආනයේ ඇයගේ ඇදුම පිළිබද මෙසේ සදහන් කරනු ලබයි. “තම බැල්ම පහත හෙලන ලෙසත් තම පතිවත ආරක්ෂා කරන ලෙසත් විශ්වාස කල කාන්තාවන්ට කියන්න. ඔවුහු තම අලංකාරයෙහි මතුපිටින් පෙනෙන දෙය හැර අනෙකුත්දෑ හෙලි නොකරන්න. තම හිස වසන සළු පයෝධර මත දමා ගන්න. ….” (අල් කුර්ආන් 24 : 31)
උක්ත අල් කුර්ආන් වැකිය ඔස්සේ හිජාබ් පිළිබද කාන්තාවට දැනුම් දෙන අතර ඉස්ලාම් කාන්තාවට හිජාබය ඇදීමට අණ කිරීම සදහා වූ හේතූන් සහිතව නැවත වරක් හිජාබය ඇදීමට දැනුම් දෙයි.
“නබිවරයාණෙනි ! ඔ‍බගේ භාර්යාවන්ටද ඔබගේ දූවරුන්ටද (සෙසු) විශ්වාස කල ස්ත්‍රීන්ටද හිස වසන සළු එල්ලා දමන ලෙස පවසන්න. මෙය ඔවුන් (සදාචාරාත්මක ස්ත්‍රීන් යැයි) දැන ගනු ලබන පිණිස ද පීඩා කරනු නොලැබ සිටිනු පිණිසද මෙය උචිතය….” (අල් කුර්ආන් 33: 59)

මෙලෙස බලන කල සර්ව සාධාරණ ලෙස කාන්තාවට අයිතීන් හිමිකර දුන් ඉස්ලාමය සදාකාලයටම කාන්තාවක් උදෙසා සුදුකම් ලද එකම ධාර්මික ජීවන ප්‍රතිපදාව නොවන්නේද?

“මුස්ලිම් කතට ශිල්ප අකැපද…?”

“මුස්ලිම් කතට ශිල්ප අකැපද…?”
Image

වර්ථමාන ඉස්ලාමීය විරෝධ රැල්ලේ ප්‍රධාන සාධකයක් ලෙස මුස්ලිම් කාන්තාව හැදින්විය හැක. අයිතීන් විරහිත අමානුෂික හිංසනයන්ට බදුන්වන්නියක් ලෙස ඉස්ලාම් විරෝධීන් දකින ඇය සැබැවින්ම එසේ වන්නියක් නොවන බව ඉස්ලාමය තුලට යන්තමින් හිස පොවන නොව ගැඹුරින් විමර්ශනය කරන්නෙකුට නිරායාසයෙන් වැටහෙන්නකි. එහෙත් විමර්ශනයට පෙර තමා නිගමනය කල සංකල්පයකට කොටුව ඒ ඔස්සේ ගවේශනයේ යෙදෙමින් නිරවද්‍ය අධ්‍යයනයක නොයෙ‍දෙන්නෙකුට කිසිවිට සැබෑව නොවැටහේ.

කෙසේ වුවද මුස්ලිම් කාන්තාව අධ්‍යාපන මට්ටම අතින් ප්‍රාථමික බව සමාජ සංකල්පයයි. ‍ඇතැම් විට ජීවිතයේ දෙවන දශකයේ මුල් අවධියේදීම ඇය විවාහපත් වීමත් ක්‍රියාකාරී සමාජය තුළ උරෙනුර ගැටෙන අයුරු නිරන්තරයෙන් අනෙකාගේ ඇස නොගැටීමත් (රැකියා ස්ථාන, උසස් අධ්‍යාපන ආයතන ආදී) මෙකී සංකල්පය ඇරඹුමේ සාධකය වන්නට ඇත. කෙසේ වුවද සැබැවින් මුස්ලිම් කතට ශිල්ප අකැපද? ඇය අධ්‍යාපනයෙන් ප්‍රාථමිකද? එය එසේනම් එය සිදුවූයේ ඇයගේ ආගමික නීතී රීතීන්හි බලපෑමටද? එසේත් නැතිනම් ඇයගේ යම් ගැටළුවක් හෝ උනන්දුවක් නොවූ නිසාද?

පළමුව ඉස්ලාම් දහමට අනුව ගත් කල කිසි කලෙක කිසි විටෙකත් කාන්තාවට ශිල්ප හැදෑරීම තහනම් කර හෝ එයට සීමා බන්ධන පනවා නොමැත. කියවන්න ! (ඉක්රා) යන පළමු දේව වචනයත් සමග දේව අණපනත් පහල වීම ඇරඹි ඉස්ලාමය පළමු දේව වදනින්ම ජනයා අධ්‍යාපනය වෙත යොමු කල දහමකි. එමෙන්ම එය ලිංගභේදයකින් තොරව සැමට පොදු වූවකි. මෙලෙස ඉස්ලාම් දහම විසින් මෙකී අයිතිය ඉස්ලාම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම හිමිකර දී ඇත.

අල්ලාහ් අල් කුර්ආනය ඔස්සේ මෙසේ දන්වා සිටී.
“එබැවින් නියතවශයෙන්ම වැදුම් පිදුම් කිරීමට සුදුසු දෙවියා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොවන බව ඔබ දැන ගන්න. ” (සූරා මුහම්මද් : 19)

මෙලෙස ඉස්ලාම් දහම විසින් තහවුරු කරනු ලබන අධ්‍යාපනය ලැබීමේ අයිතිය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම හිමි වූවක් බව පහත සදහන් මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාගේ ප්‍රකාශයෙන් තව දුරටත් පැහැදිලි කරයි.

“අධ්‍යාපනය ලැබා ගැනීම මුස්ලිම් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අනිවාර්යය වේ.” (ඉබ්නු මාජාහ්)

මෙකී අල් කුර්ආන් වැකි හා නබි වදන් ඔස්සේ පෙනී යන්නේ ඉස්ලාම් දහම තුළ කාන්තාව සතු ශිල්ප හැදෑරීමේ අයිතිය කප්පාදු කර නැති බවය.

එසේනම් අවශ්‍යව ඇත්තේ තම තමාගේ උනන්දුව උත්සාහය පමණි. එමෙන්ම තමාගේ අධ්‍යාපන මට්ටම ප්‍රාථමික කර ගැන්මට හේතුවන්නේ තමා බව මෙමගින් මුස්ලිම් කතුන්ටද වැටහී යනු ඇත.

වර්ථමානය අතීතය හා සසදන විට වර්ථමානය තුළ මුස්ලිම් කතුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේද ඉදිරියට එමින් පවතින අයුරු දැකිය හකි වීම සතුටට කරුණකි. කෙසේ වුවද සර්ව සාධාරණ දහමක් වූ ඉස්ලාමය තුල ඉගෙනීම කිසිවිට කිසිවෙකුට අකැප නැත.

“සැබැවින්ම මුස්ලිම් කතට ශිල්ප අකැපද? ………….නැත……. ඇයට ශිල්ප හැදෑරීමට පූර්ණ අයිතිය හිමිව ඇත. “

“අවනතවීම හරහා ශාන්තිය – 1 කොටස”

                                               “අවනතවීම හරහා ශාන්තිය – 1 කොටස”
Image
ඉස්ලාම් දහම පිළිබද බොහෝ අය අර්ථ දක්වන්නේ එය “දෙවියන් නැමදීමේ මාර්ගයක්” ලෙසටය. එහෙත් සැබැවින්ම ඉස්ලාමය යනු අතිශය ස්වාභාවික වූ ජීවන මාර්ගයකි. සරල ජීවන ප්‍රතිපදාවකි. මෙම ප්‍රතිපදාවට අනුගත වන්නා මුස්ලිම්වරයෙකු වේ. මිනිසකු වුවද සත්ත්වයෙකු , ග්‍රහ වස්තූන් හෝ තාරකා වුවද අන් යමක් වුවද මෙම ප්‍රතිපදාවට අනුගත වන්නේ නම් එයද මෙයට අන්තර්ගතය. අභ්‍යන්තර හා බාහිර ශාන්තියකින් සිටීමට ඇති එකම මාර්ගය මෙය වේ.
ග්‍රහලෝක එයට නියමිත කක්ෂයේ ගමන් කරයි. ගස් වැල් ඒවාට සුවිශේෂී වූ ක්‍රමයකට වැඩෙයි. එහෙත් ‍මෙකී එකිනෙකට අනන්‍යය වූ ක්‍රමය එකී ද්‍රව්‍යයට කරදරකාරී වන්නේ නම් එහි ශාන්තියක් ඇති නොවේ. එම ක්‍රමවේදයන් එකී ද්‍රව්‍යයට කරදරකාරී වනවා යනු ඒ ක්‍රමවේදයන් දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ බවය. එනිසා මුස්ලිම්වරයා යනු තමාගේ කැමැත්ත අල්ලාහ්ගේ කැමැත්තට අවනත කිරීම තුළින් බාහිර හා අභ්‍යන්තර ශාන්තිය අත්කර ගන්නා තැනැත්තා වේ.

අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ සදහන් කරයි.

“(මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නෙකු වේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලො‍වදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ.” (සූරා ආල ඉම්රාන් : 85)

“විශ්වාසවන්තයිනි මුළුමනින්ම ඉස්ලාමයට පිවිසෙන්න. ෂෙයිතාන්ගේ පියවර අනුගමනය නොකරන්න. ඔහු නුඹලාගේ ප්‍රකට සතුරාය.” (සූරා බකරා : 208) “නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කල අයද ප්‍රතික්ෂේප කරන්නන් ලෙස මියගිය අයද ඔවුනට අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේද සකල මනුෂ්‍ය වර්ගයාගේද ශාපය ඇත.” (සූරා බකරා : 161)

මෙලෙස අල්ලාහ්ගේ කැමැත්තට අවනත වන ලෙස අල් කුර්ආනය ඔස්සේ අල්ලාහ් විසින් පැහැදිලිව දන්වා සිටී. එසේ අවනත වන්නේ කෙසේද යන්නද දන්වා සිටී. ස්වාභාව ධර්යේ නීතියට විරුද්ධ නොවන්නේ නම් හා අප එයටද ඉහළින් කටයුතු නොකරන්නේ නම් (මහුගේ අභිලාෂයන්ට හා කල්පනා ශක්තියට අනුව ක්‍රියා කිරීමෙන් වැලකී) ඔහුට අල්ලාහ්ගේ කැමැත්තට යටත්වූවෙකු විය හැක.

නියමිත වේලාවට අල්ලාහ්ගේ අණ ඉටු කරමින් අල්ලාහ් සමග සම්බන්ධතාව ගොඩනගා ගැනීමේ ගිවිසුම මත අල්ලාහ් විසින් අපට මෙලොව දිවිය ලබා දී ඇත. මෙලෙස මෙම ගිවිසුමෙහි අපගේ පාර්ශවයේ කටයුතු අප නියමාකාරව ඉටු කරන්නේද අල්ලාහ් ද මෙම ගිවිසුමෙහි අල්ලාහ්ට හිමි කොටස නිසි ලෙස පවත්වාගෙන යනු ඇත. සැබැවින්ම මෙකී ගිවිසුම කුමක්ද?

අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ සදහන් කරයි.

“ ’ඇත්තෙන්ම මම ඔබලා සමගය’ යි අල්ලාහ් කීවේය. ඔබලා සලාත්හි නිරතව සකාත්දී මාගේ රසුල්වරයන් විශ්වාස කර ඔවුනට උදව් කර අල්ලාහ්ට හොද ණයක්ද දුනහොත් ඇත්තෙන්ම, මම ඔබලා වෙතින් ඔබලාගේ පාපයන් මකා දමන්නෙමි. තවද යටින් ගලා බසින ගංගාවන්ගෙන් යුත් ජන්නාවෙහි ඔබලා ඇතුළු කරවන්නෙමි. ඔබලාගෙන් යමෙක් මින් පසුද ප්‍රතික්ෂේප කරන්නේ නම් ඇත්තෙන්ම, ඔහු යහමගෙන් අයහපත් මාර්ගයෙහිය.” (සූරා මායිදා : 12)

 

“නුඹලාගේ මුහුණු නැගෙනහිර හෝ බස්නාහිර දෙසට හැරවීම (පමණක්) යහකම නොවේ. එහෙත් යහකම නම් අල්ලාහ් ගැනද අවසාන දිනය ගැනද මලක්වරු ගැනද ධර්ම ග්‍රන්ථ ගැනද නබිවරුන් ගැනද විශ්වාස කර ඔහු (අල්ලාහ්) කෙරෙහි වූ ඇල්ම නිසා දේපල නෑදෑයින්ටද අනාථයින්ටද දිළින්දන්ටද මගීන්ටද යාචකයින්ටද වහලුන් මුදවා ගැනීමටද වැය කර සලාත්හි නිරතව සකාත් ගෙවීමද වේ. තවද ඔවුහු පොරොන්දු වූ විට තම පොරොන්දු ඉටු කරන දුෂ්කරතාවන්හිදීද දිළිදු බවේදීද (සත්‍ය හා අසත්‍ය අතර ) සටනේදීද ඉවසිලිමත් වන්නෝ වෙති. තවද බිය බැතිමත් වූ අයද ඔවුහුමය.” (සූරා බකරා : 177)

අපගේ කැමැත්ත දෙවියන්ගේ කැමැත්තට යටත් කරන ලෙස අල්ලාහ් විසින් අපට නියම කරයි.

“ඔබගේ දෙවියන් එකම දෙවියෙක්ය. එහෙයින් ඔහුටම අවනත වන්න. බැගෑපත්ව අවනත වන්නන්ට ශුභාරංචිය දෙන්න.” (සූරා අල් හජ් : 34) “යම් කෙනෙක් දහමෙහි හැසිරෙමින් තම මුහුණ අල්ලාහ් වෙත අවනත කර ඉබ්රාහීම්ගේ මාර්ගය අනුගමනය කරන්නේද ඒ අයට වඩා මාර්ගයෙන් උසස් අය කවරහුද? අල්ලාහ් ඉබ්රාහීම් යහලුවෙකු ලෙස ගත්තේය.’ (සූරා අන්නිසා : 125)

මින් ඉදිරියට අප පරීක්ෂා කල යුතු වන්නේ අල්ලාහ්ගේ කැමැත්තට යටත්වීම ඔස්සේ අපගේ ගමන්මග වෙත කුමක් පැමිණෙන්නේද කුමක් අප‍ වෙතින් ඉවත්ව යන්නේද යන්න පිළිබදවය. මෙලොව දිවියේ ආකර්ෂණීය බව එයයි. මෙලොව දිවිය පිළිබද අල් කුර්ආනයේ මෙලෙස සදහන් වේ.

“කුමක්ද මෙලොව ජීවිතය, සෙල්ලමක්ද? විනෝද වීමක්ද? එසේ හෙයින් භක්තිවන්තයාට අන්තිම දින ඉතා හොදය. නුඹලා වටහා නොගන්නේද?” (සූරා අන්ආම් : 32) “කාෆිර් (ප්‍රතික්ෂේප කරන්නන්ට) ලෞකික ජීවිතය චිත්තාකර්ශන බවට පත් කරනු ලැබ ඇත. (එබැවින්) ඔවුහු විශ්වාසවන්තයින්ට සරදම් කරති. එහෙත් (අල්ලාහ්ට) අවනත වන අයගේ (තත්ත්වය) මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේ ඔවුනට වඩා ඉහළය. තවද අල්ලාහ් තමාට අභිමත වූ කවරෙකුට වුවද අප්‍රමාණ ලෙස (භෝග සම්පත්) පිරිනමයි.” (සූරා බකරා : 212)

“ඔවුන්ගේ මාර්ගය කෙළියක්වද විනෝදයක්වද ගත් අය හැර දමන්න. මෙලොව (සුලු) ජීවිතය ඔවුන් රැවටුවෝය. තමා සපයා ගත් දැය හේතුකොට ගෙන විනාශයට පත් නොවන පිණිස එයින් (අල් කුර්ආනයෙන්) නුඹ (මිනිසුනට) උපදෙස් දෙන්න. අල්ලාහ් හැර එයට ආරක්ෂකයෙක් හෝ උදව්කාරයෙක් හෝ නැත. සියළුම වන්දියෙන් වන්දි ගෙව්වත් එය භාර නොගනු ලැබේ. ඔහුමය ඔවුන් සපයාගත් දැය හේතුකොට ගෙන විනාශ කරනු ලබන්නෝ. ඔවුන් විශ්වාස නොකල නිසා ඔවුන්ට ලෝ දියෙන් පැන්ද වේදනීය දඩුවමද වේ. ” (සූරා අන්ආම් : 70)

“ඔවුහු ඔවුන්ගේ සත්‍ය මාර්ගය අනර්ථයකටද විනෝදයකටද ගත්තෝය. අධම වූ මෙලොව ජීවිතය ඔවුන් රැවැට්ටුවේය. අපගේ ආයාවන් ප්‍රතික්ෂේප කලාක් මෙන්ද ඔවුන්ගේ මෙදින හමුවීම ඔවුන් අමතක කලාක් මෙන්ද අද දින අපි ඔවුන් අමතක කරන්නෙමු.” (සූරා අල් අඅරාෆ් : 51)

මෙලෙස බලන කල මෙලොව දිවිය විනෝදවීමට හෝ ආකරෂණය කරගත යුතු හෝ වස්තුව රැස්කිරීමට හෝ නොවන අතර මෙලොව දිවියට එතරම් වටිනාකමක් හෝ හරයක්ද නොමැති බව පැහැදිලි වේ.
එසේනම්

“හරබර වන්නේ කුමක්ද? වටිනාකමක් ඇත්තේ කුමකටද? “

ඒ පිළිබද කතිකාවතට මීළග ලිපියෙන් මුල පුරමු. ඉන්ෂා අල්ලාහ්….

“ මුස්ලිම්වරුනි , අබුතාලිබ්ලා අමතක නොකරන්න.”

“ මුස්ලිම්වරුනි , අබුතාලිබ්ලා අමතක නොකරන්න.”
Image
ඉස්ලාමීය ඉතිහාසයට විවිධ වර්ණ මතක සටහන් එක් කරමින් කාලය ගෙවී ගියද අබුතාලිබ් යනු සැබෑ මුස්ලිම්වරයෙකුගේ සිතෙහි සනිටුහන් වූ සදාදරණීය චරිතයකි. සැබැවින්ම එකී චරිතය මුස්ලිම් ඉතිහාසය රනින් සරසාලූ අග්‍රග

න්‍ය චරිතයකි.අබුතාලිබ් තුමාතුමා යනු අල්ලාහ්ගේ අවසන් නබිවරයා වූ මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාගේ ලොකු පියා හෙවත් මහප්පාය. මා පිය සෙනෙහස අහිමිවූ මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාට තුමාට සෙනෙහස දෙමින් එතුමා රැකබලා ගනු ලැබුවේ අබුතාලිබ් තුමා විසින්ය.

එකල මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාතුමා ප්‍රසිද්ධියේ ධර්ම ප්‍රචාරය අරඹා තිබූ යුගයත් ඉස්ලාමය වැළදගත් සහෝදර සහෝදරියන්ගේ ක්‍රියාකලාපය දුටු තත්කාලීන අරාබි ජනයා ඉස්ලාමයට පිවිසීමටත් උත්සුකවූ යුගයකි. එහෙයින් ඉස්ලාම් විරෝධී අරාබිවරුන්ට ඉස්ලාමයේ ව්‍යාප්තිය නවතාලන්නට අවශ්‍යව තිබිණ . ඔවුහු ඒ සදහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවද ඒවායින් ඵලක් නොවූ විට ඔවුන් අබුතාලිබ් තුමා හමුවීමට තීරණය කළේය.

අබුතාලිබ් තුමා තම සහෝදරයාගේ පුතුට රැකවරණය දීම වැළැක්වීම ඔස්සේ රසුල් (සල්ලල්ලාහු සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා අඩපණ කිරීමට සිතූ විරුද්ධවාදීන්ගේ ප්‍රථම කණ්ඩායම ලෙස රබීආ‍ගේ පුත් උත්බා සහා අබු ජහ්ල්ගේ පුත් ෂයිබා යනාදීන්ගෙන් සැදුම්ලත් පිරිසක් අබුතාලිබ් තුමා හමුවට ගියහ. තමා රැකවරණය දෙන සහෝදරයාගේ පුතා විසින් ඔවුන්ගේ දහමට නිගා කරනු ලබන බවත් ඔබ ඔහු වැලැක්විය යුතු බවත් ඔබ එසේ කරන්නේ නම් ඔබට අප සියල්ලන් සිටින බවත් පැවසීය. මේ සියල්ල අසා සියළු දෙන අස්වසා ආපසු යවන ලද අබුතාලිබ් තුමාට දෙවන වරද ඉස්ලාම් විරෝධීන් කාණ්ඩයක් පැමිණි අතර මෙකී පිරිස විසින් අබුතාලිබ් තුමාට සමාජය තුළ ඇති ගෞරවයද හීන වී යන අතර මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාගේ ක්‍රියාවන් නොවළක්වන්නේ නම් අබුතාලිබ් තුමාට හා මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාට විරුද්ධව සටන් වදින බව ද පවසා සිටියේය.

මුහුණ පෑමට සිදුවන තත්ත්වය දිනෙන් දින දරුණු තත්ත්වයක් දක්වා වර්ධනය වන බව වටහා ගත් අබුතාලිබ් තුමා දිනක් මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා තමාවෙත කැදවා පවතින තත්ත්වය පිළිබදව තේරුම් කර දෙන්නට විය. සියලු ගෝත්‍රිකයන් තමා සමග අමනාපකරමින් තමන් අසීරු තත්ත්වයකට පත් නොකරන මෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ඉර සද දෑතට දුන්නද ‍තම කටයුතු අත් නොහිටුවන බව මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා විසින් තරයේ පවසා සිටි බැවින් එය ඇසූ අබුතාලිබ් තුමා “එ‍සේනම් ඔබ කැමැත්තක් දේශනා කරන්න. මම කිසිදු කරුණක් හේතුවෙන් ඔබව පවා නොදෙන්නෙමි.” යනුවෙන් පෙරළා පිළිතුරු දුන්නේය.

මෙකී වදන ඉස්ලාම් දහමේ ස්වර්ණමය සන්ධිස්ථානයකි. අනතුරුව අබුතාලිබ් තුමා නිතර නිතර ගෝත්‍රිකයන් කැදවා සාමකාමී වාතාවරණයක් ගොඩ නගන්නට උත්සාහ දැරීය.
කිසිදු අවස්ථාවක මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා හැර නොගිය අබුතාලිබ් තුමා මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාට සෑම අවස්ථාවකම සිටි ශක්තිමත් අත්වැලක් විය. සමාජයෙන් එල්ලවන ප්‍රශ්න කිසි විටෙකත් නොතකා එතුමා තම සහෝදරයාගේ පුතුට අත්වැලක් විය.

වර්ථමානයද මුස්ලිම්වරුන් පසු කරමින් සිටිනුයේ තරමක කටුක කාල සීමාවකි. මෙකලද එදා අරාබිකරයේ මෙන් මුස්ලිම්වරුන් වෙත අන්‍ය ආගමිකයින්ගෙන් එල්ලවන බලපෑම් අති විශාලය. එහෙත් මෙහිදී සදහන් කල යුතු යමක් ඇත. එනම් මෙසේ බලපෑම් එල්ල කරනු ලබන්නේ අන්‍ය ආගමිකයින්ගෙන් බහුතරය නොව සීමිත ප්‍රමාණයකි. ඒ බැව් මුස්ලිම්වරුන්ද සිහියේ තබාගත යුතුය.

කෙසේ වුවද මේ සියළු බාධා මැද මිනිස්කමින් මුස්ලිම්වරුන්ගේ රැකවරණය උදෙසා හැකි උපරිමයෙන් කටයුතු කරන අන්‍යාගමික පිරිස්ද නැතුවා නොව. ඔවුන් මුස්ලිම්වරුන් වෙනුවෙන් මහත් සේවයක් ඉටු කරමින් සිටිති. ඇතැම් නොමිනිසුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් අප කිසි විටෙකත් මෙකී සේවය පහත් අයුරින් සැලකීම නොකල යුතුය.

ධර්ම ප්‍රචාරය ඇරඹූ දින සිට දස වසරක් පුරා සමාජයේ විවිධ ගැටළු වලට මුහුණ දෙමින්ද මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාට යෝධ ශක්තියක් වෙමින්ද ඉස්ලාමයේ ව්‍යාප්තියට දිරි දුන් එහෙත් කිසි දින තම ආගම අතහැර ඉස්ලාමය වැළද නොගත් අබුතාලිබ් තුමා සැබැවින්ම ඉස්ලාමීය ඉතිහාසයේ වීර චරිතයකි.

වර්ථමානයේද මුස්ලිම්වරුන්ට රැකවරණය , සහගෝගය දෙමින් හැකි අයුරින් ඔවුන්ට ශක්තියක් වන අපේ කාලයේ හෘදයාංගම මිනිසුනි ! මා ඔබද අබුතාලිබ්වරයෙකැයි යනුවෙන් සදහන් කරනුයේ ඔබගේ සේවයද එතරම් වටිනා නිසාවෙනි. ඔබද මුස්ලිම්වරුන්ගේ හදවත් වල සදා රැදෙන විරුවන්මය.

මුස්ලිම්වරුනි, ඔබද සමාජයේ සුළු පිරිසකගෙන් එල්ලවන තාඩන පීඩන හමුවේ සමස්ථ සමාජය දෙසම බියෙන් නොබලන්න. එදා මෙන්ම අදත් අපේ කාලයේ අබුතාලිබ්ලාද තවම අප සමග අවදියෙන් ඇත. කිසි දින කිසි විටෙක ඔවුන් අමතක නොකරන්න. ඔවුනටද පෙරළා මනුසත්කමේ දෑත් දිගු කරන්න.