“තරාවීහ් සලාතයේ සෞඛ්‍යයමය ප්‍රතිලාභ”
“තරාවීහ් සලාතයේ සෞඛ්‍යයමය ප්‍රතිලාභ”
මුස්ලිම්වරුන් දිනකට පස්වරක් ඔවුනට අනිවාර්යය වූ සලාතයේ යෙදනවා සේම රාමළාන් උපවාස මාසය තුළ තරාවීහ් නම් අතිරේක සලාතයක්ද (සුන්නත්) ඉටු කරනු ලබයි. එහිදී ඔවුන් රක්අත් අටක් හෝ විස්සක් ඉටුකරනු ලබන අතර සෑම රක්අත් දෙකක් අතරදීම කෙටි විවේකයක් ලබා ගනී. එහිදී ඔවුන් අල්ලාහ් සිහිපත් කරමින් අල්ලාහ්ගේ ගුණ ගායනා කරයි.
උපවාසයෙන් මිදීමට පෙර රුධිරයේ ග්ලූකෝස් හා ඉන්සියුලින් මට්ටම පහත් අගයක පවතින අතර උපවාසයෙන් මිදීමත් (ඉෆ්තාර් අවස්ථාවෙන් පසු) සමග ආහාර මගින් ග්ලූකෝස් ග්‍රහණය කර ගැනීම හේතුවෙන් රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණයේ අඛණ්ඩ ඉහලයාමක් සිදුවේ. උපවාසයෙන් මිදීමෙන් පසුව (ඉෆ්තාර් අවස්ථාවෙන් පසුව) රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණයේ මෙන්ම රුධිර ප්ලාස්මාවේ ඉන්සියුලින් ප්‍රමාණයෙහිද නැගීමක් සිදුවේ. අක්මාව හා මාංශ පේශීන් ග්ලූකෝස් සංසරණයේ යෙදෙයි. රුධිරයේ සීනි ප්‍රමාණය පැයක හෝ පැය දෙකක පමණ කාලයක් තුළ ඉහළම මට්ටමකට ලගාවෙන අතර තරාවීහ් සලාත ඉටුකිරීමේ ප්‍රතිඵලය එමගින් ක්‍රියාත්මක වේ. තරාවීහ් සලාතය අතරතුර සංසරණය වන ග්ලූකෝස් පරිවෘත්තීය ක්‍රියාවලියකට භාජනය වීමෙන් එය කාබන්ඩයොක්සයිඩ් හා ජලය බවට පත්වේ. එම නිසා තරාවීහ් සලාතය මගින් අමතර කැලරි දහනය හා නම්‍යශීලීත්වය වැඩිදියුණු කිරීම මෙන්ම සමායෝජනය, සෞඛ්‍ය සම්පන්න මිනිසෙකු තුල ඇතිවන ස්වයං ආතතිය අවමකිරීම වැනි ශරීරයට සුභදායි ක්‍රියාවන් සිදුවේ. එමෙන්ම බියගුළු ස්වාභාවයට මෙන්ම පීඩනකාරීබවටද සහනය සලසයි.
තරාවීහ් සලාතයෙන් ඉටුවන මෘදු ව්‍යායාමයෙන් කායික යෝග්‍යතාවය හා චිත්තවේගාත්මක යහපත් පැවැත්ම වැඩිදියුණු කරයි. තරාවීහ් සලාතය ඉටු කරමින් සිරුරට අමතර සුළු වෙහෙසක් ලබා දෙන විට ඉවසීම වැඩි දියුණු වීම , නම්‍යශීලී බවෙහි මෙන්ම ශක්තියෙහි වැඩිවීමක්ද ඇතිවේ.
මුස්ලිම්වරයෙකුට දිනකට අනිවාර්යය වූ පස්වේල සලාතය මගින්ද පැයකට සැතපුම් තුනක් සිමින් දිවීම හෝ ඇවිදීම මගින් ලබා ගන්නාවූ කායිකමය සුවයක් කිසිදු අතුරු ආබාධයකින් තොරව හිමිවේ. තරාවීහ් සලාතය හා අනෙකුත් සලාත්හි තවත් මිනිස් සෞඛ්‍යය නගා සිටුවන කරුණක් ලෙස අනපේක්ෂිත කායික වෙහෙසීමකට මිනිසා සූදානම් කිරීම සදහන් කල හැක. උපවාසයේ යෙදී සිටි අයෙකු තරාවීහ් සලාතයේ යෙදීම මගින් ඔහුගේ සිතුවිලි නීරෝගී මෙන්ම යහපත් වීම හා ශක්තිමත් වීමද සිදුවේ.
මිනිසා වයසට යෑමත් සමග ඔවුන්ගේ ක්‍රියාකාරීබවද හීන වන අතර ඔවුන්ගේ අස්ථීන් තුනී වීම හේතුවෙන් ඔස්ටියෝපොරෝසීස් වැනි රෝග වලින්ද පීඩා විදිනු ලබයි. ඔවුන්ගේ සමද දුර්වල වන අතර රැලි වැටීමද වියපත් බව සමග ආරම්භ වේ. ශරීරයේ අළුත්වැඩියා කිරීමේ ක්‍රියාවලියද මන්දගාමී වන අතරම ප්‍රතිශක්තීකරණයෙහි ප්‍රතික්‍රියා දැක්වීමද අඩුවේ.
වියපත්වීමත් සමග ඔවුන්ගේ කායික සක්‍රීයභාවය අඩුවීමෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්සියුලින් වර්ධන ක්‍රියාවලියේ මට්ටම පහත වැටීම දැකිය හැක. එදිනෙදා කටයුතු සදහා අත්‍යවශ්‍යය අවයවයන්හි අමතර ක්‍රියාකාරකම් අවම වීමත් සමග සුළු අනතුරු මෙන්ම රෝග වලට බදුන් වීමට ඇති නැඹුරුවද වැඩිවේ.
සලාතය ඉටුකරන විට එය අතරතුරදී ශරීරයේ නැවත නැවක සිදුවන ක්‍රමවත් චලන හේතුවෙන් මාංශපේශීන් ශක්තිමත්වීම , ස්නායුබද්ධය ප්‍රබලවීම , ප්‍රතිබද්ධ වල නම්‍යශීලී බව හා හෘද්වාහිනී අවශේෂණය වර්ධනය සිදුවේ. එමනිසා අනෙකුත් සලාත් මෙන්ම තරාවීහ් සලාතයද වියපත් පුද්ගලයින් හට තම ජීවිතයේ ගුණාත්මක බව තවදුරටත් සාරවත් කර ගැනීමටත් අනපේක්ෂිත දුෂ්කරතාවන්ට මුහුණ දීමටත් ශක්තිය ලබා දෙයි.
තරාවීහ් සලාතය මගින් ඔවුන්ගේ දරාගැනීමේ හැකියාව , ආත්ම ගෞරවය සහ ස්වාධීනව ජීවත්වන්නෙකු ලෙස ආත්ම විශ්වාසය වර්ධනය කිරීමක්ද සිදුවේ.
Posted on September 19, 2013, in Uncategorized. Bookmark the permalink. Leave a comment.
Leave a comment
Comments 0