“කාන්තාවට සුදුසු ධාර්මික ජීවන ප්‍රතිපදාව ඉස්ලාම්”

“කාන්තාවට සුදුසු ධාර්මික ජීවන ප්‍රතිපදාව ඉස්ලාම්”
Image
ලෝකයේ පැවැත්ම , සුන්දරත්වය “කාන්තාව” යැයි පවසන සමාජය වරෙක ඇය වාණිජ්‍යමූල සමාජයේ සාර්ථක වෙළද සන්නාමය බවට පත්කර ගත් අතර තවමත් එය අඛණ්ඩව සිදුකරගෙන යනු ලබයි. අයිතීන් හිමිකර දුන් බැව් පවසමින් නිවසින් බැහැරට ගෙන ගිය ඇය අදවන විට කිසිවෙකුත් වග නොකියන වෙළද භාණ්ඩයක් ලෙසද සමාජගත කර හමාරය. ජීවිතයේ කෙටි ජීවන කාලය තුළ එකවර විවිධ චරිතයන් නිරූපනය කරන කාන්තාව නම් තැනැත්තියගේ වර්ථමානය මෙසේ වනවා මෙන්ම අතීතයට හිස පොවන කල එය වර්තමානයට දෙවෙනි නොවන්නේය.

අතීතයේදී කාන්තාව යනු පණ නැති දෙයක් ලෙස සිතා ඇයට කිසියම් වටිනාකමක් නොදුන් රෝම ජාතීන් ඇය නිරන්තර වද හිංසා වන්ට භාජනය කළේය. නොයෙක් වද බන්ධනයන්ට කාන්තාව බදුන් කල ඉන්දියානු සංස්කෘතියද ස්වාමියා මල ස්ත්‍රිය ස්වාමියාගේ චිතකයේම දවන්නට තරම් කෲර විය. තම සෞභාග්‍යය හා සම්පත් විනාශ කරන ජලයට කාන්තාව සමාන කල එදා චීන සමාජය තම බිරිද පණ පිටින් වැළලීමේ හා විකිණීමේ අයිතිය පුරුෂ පාර්ශවයට හිමිකර දී තිබිණ.

ග්‍රීක ජාතීන් අතර වෙළද භාණ්ඩයක් ලෙස නම් ලද කාන්තාව දේපල හා මුදල් පරිහරණය කිරීමේ අයිතිය පවා අහිමිව සිටියේය. සුප්‍රකට ග්‍රීක විද්‍යාඥයෙකු වූ සොක්‍රටීස් “විශ්වයේ භයානක විනාශයට කාන්තාව මූලික වන බව පැවසූ අතර ඇය බාහිරෙන් සුන්දර වූ විෂ ගසකට සමාන යැයි පැවසීය. එම ගසෙන් යමක් අනුභව කරනු ලබන පක්ෂීන් එවිගසම මරු දකිති යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා ඇත.” කාන්තාව සාපයට ලක්වූවෙකු ලෙස සැලකූ යුදෙව්වන් ආදම් (අලෛහිස් සලාම්) තුමා අයහමගට යොමුකර තහනම් ගසෙන් අනුභව කිරීමට මග පෙන්වීම එයට හේතුව බැව් පවසා සිටියේය. තමන්ට හිමි ඉඩම්වල හා මිදි වතුවල තීරු බදු ගෙවීම පිණිස තමන් සතු ගැහැණු දරුවන් උකසට තැබීමට යුදෙව්වරුන් බලය ලබා තිබූ අතර කාන්තාවට සහෝදරයින් සිටී නම් පියාගේ ධනයට උරුමකමු කීමටද අයිතියක් හිමි නොවීය.

කිතුනුවන් කාන්තාව ෂෛතාන් (යක්ෂයා) ලෙස සැලකූ අතර “කාන්තාවන් මිනිස් ජාතියටම අයත් නොවන්නන්” බව ඔවුන්ගේ ආගමික උගතෙකුද පවසා ඇත. 19 සියවසේ මැද භාගය තෙක් ඉංග්‍රීසි සාමාන්‍ය නීතිය අනුව කාන්තාවන් ප්‍රජා අයිතිය ලද අය බව නොසැලකීය. එමෙන්ම කිසිදු මිනිස් අයිතියක් හෝ උරුමයක් ඔවුනට නොතිබිණ. “කාන්තාවන්ට කිසිවකට බලය නොදිය යුතුයි.” යනුවෙන් 1567 දී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව නීතියක් පනවද්දී අටවැනි හෙන්රි ගේ කාල වකවානුවේදී “කාන්තාවන් අපිරිසිදු බැවින් බයිබලය පාරායනය නොකල යුතුයි” යනුවෙන් නීතියක් සම්මත කරන ලදී. ප්‍රංශය “කාන්තාව මිනිස් සමාජයට අයිතිද? නැද්ද?” යනුවෙන් සමීක්ෂණය කිරීමට 586 දී කමිටුවක් පත් කල අතර “කාන්තාව මිනිස් සමාජයට අයත් වන නමුද් ඔවුන් මවන ලද්දේ පුරුෂ පාර්ශවයට ආවතේව කිරීමට බව” තීරණය කර සිටියේය. සැමියාට බිරිද විකිණීමේ අයිතිය 1805 දක්වා ඉංග්‍රීසීන්ගේ නීතිය අනුව හැකිවූ අතර බිරිදගේ වටිනාකම පැන්ස හයක් (ෂිලින් භාගයක්) බවට නිගමනය කළේය.

ඉස්ලාමයට පෙර අරාබිවරුන්ද කාන්තාව නින්දනීය පිරිසක් ලෙස සැලකූහ. අයිතීන් අහිමිව සිටි මොවුන් හට සමාජ පිළිගැනීමක් නොතිබිණ. අරාබිවරුන්ගෙන් බොහෝ පිරිස් තම දියණිවරුන් පණ පිටින් වළ දැමූහ.

“නියත වශයෙන්ම ඔබ එක් පිරිමියෙක් සහ එක් සුත්‍රියක් මාර්ගයෙන් මැව්වෙමු. ” (අල් කුර්ආන් 49 : 13) යන වැකියෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පැහැදිලිකරමින් කාන්තාවගේ දුක්ඛ දොම්නස් මුදා හරින්නට ඉස්ලාම් දහමේ හිරැ කිරණ පතිත විය. “පිරිමින් හෝ කාන්තාවන් වේවා කවරෙකු විශ්වාස කර කුසල් කාර්යයන්හි යෙදෙන්නේද, ඔවුන් ස්වර්ගයට පිවිසෙති.” (අල් කුර්ආන් 4: 124) යනුවෙන් යළිත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය අධාරණය කල ඉස්ලාම් කාන්තාව සදහා අයිතීන් ප්‍රදානය කළේය.

ඉස්ලාමය හිමිකර දුන් කාන්තාවගේ පොදු අයිතීන්:
1. සම්පත් සතුකර ගැනීමේ අයිතිය 2. විවාහවීමේ අයිතිය 3. අධ්‍යාපනය ලැබීමේ අයිතිය. 4. වියදම් කිරීමේ අයිතිය 5. මරන සාසන අයිතිය 6. ඇදුම් පැළදුම් ඇදීමේ පැළදීමේ අයිතිය 7. තමා අලංකාර කර ගැනීමේ අයිතිය 8. ආහාර පාන ගැනීමේ අයිතිය

 
විවාහ වන වයස් සීමාවේදී සත්‍ය වශයෙන්ම මුස්ලිම් ස්ත්‍රියකට තම අනාගත සැමියා තෝරා ගැනීමේ අයිතිය හිමිය. විවාහයක් තීරණය කිරීමට පෙර භාරකරු විසින් විවාහ වීමට සිටින කාන්තාවගේ කැමැත්ත ලබා ගැනීම අනිවාර්යය. ඇයගේ පූර්ණ කැමැත්ත නොමැතිව ඇයට විවාහය සදහා බල කිරීමට කිසිවෙකුටත් නොහැක. එහෙත් විවාහ කරදීමට සූදානම් වන පුරුෂයා පිළිබද තොරතුරු සොයා බැලීම වැඩිහිටියන්ගේ වගකීමකි. ඉස්ලාමීය විවාහ ක්‍රමය තුළ දෑවැද්ද දීම විවාහවන කාන්තාව මත පැටවෙන වගකීමක් නොවන්නේය. ඉස්ලාමීය විවාහ ක්‍රමය තුළ දෑවැද්ද ලබාදීම සිදු කල යුත්තේ විවාහ වන පිරිමියා විසින් තමා විවාහ කර ගන්නා කාන්තාව වෙතය. එය “මහර්” යනුවෙන් හැදින් වෙන අතර එය පිරිමියාට අනිවාර්යය වන වගකීමකි. මුදලින් හෝ වටිනා අන් දෙයක් මගින් මෙය දිය හැක. මෙය අරාබි බසින් “සිදාක්” නම් වේ. මහර් පිළිබද අල් කුර්ආනයේ සදහන් අයුරු:“ස්ත්‍රීන්ට ඔවුන්ගේ මහර් ත්‍යාග කරන්න.” (අල් කුර්ආන් 4 : 4)

එමෙන්ම පවුල් සංස්ථාව තුළද කාන්තාවට සමතැන් හිමිවූ අතර “ඔවුහු ඔබගේ සළු පිළි වැනිය. ඔබද ඔවුන්ගේ සළු පිළි වැනිය.” (අල් කුර්ආන් 2 : 187) යන අල් කුර්ආන් වැකිය ඒ සදහා කදිම නිදසුනකි. මෙසේ පවුල් ජීවිතය තුළ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට සමාන ස්ථානයන් හිමි කර දෙන අතර පවුල වෙනුවෙන් ඉපැයීමේ වගකීම පුරුෂයා වෙත පවරයි. මන්ද යත් ඔහුගේ ශාරීරික ශක්ති ප්‍රමාණය, දරා ගැනීමේ හැකියාව හා ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව ආදී ඔහුට ස්වාභාවයෙන් හමු වූ කායික හැකියාවන් නිසාවෙනි. විවාහ දිවිය තුළ පුරුෂයාගේ භූමිකාව පිළිබද මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා මෙසේ ප්‍රකාශ කර ඇත.“විශ්වාසවන්තයින්ගෙන් පූර්ණ විශ්වාසවන්තයෙකු වන්නේ ශ්‍රේෂ්ඨ ගති ගුණ වලින් සම්පූර්ණ තැනැත්තාය. ඔබලා අතර යහපත් වන්නේ තම බිරිදට යහපත් වූ තැනැත්තාය. (මූලාශ්‍රය : තිර්මිදි)

සැමියාට කීකරු යහපත් බිරිදක් ලෙස දරුවන් හදා වඩා ගැනීමේ ක්‍රියාවලියේදී වැඩි කොටසක් දැරීම ආදිය විවාහක ස්ත්‍රියකගේ පවුල තුල භූමිකාවේ ප්‍රධාන කාර්යයන් වේ. එය එසේ වීමෙහි අර්ථය එම ක්‍රියා කෙරෙහි පුරුෂයාට වගකීම් නොමැති බව නොවේ.
අල් කුර්ආනයේ මෙසේ සදහන් වේ.“ කිරි දෙන මව්වරුන්ට හොදින් ආහාර සැපයීමද ඇදුම් සැපයීමද ඔහු (දරුවාගේ පියා) වෙත ඔහුගේ තත්ත්වය අනුව පැවරී ඇත.” (අල් කුර්ආන් 2 : 233)

කාන්තාවක් මවක් ලෙස ගොඩ නගන චරිතයටද ඉස්ලාමය තුළ විශිෂ්ඨ ස්ථානයක් හිමිවේ. එම අග්‍රගන්‍යම ස්ථානයක් හිමිවන බව පහත නබි වදන් (හදීස්) තුළින්ද පැහැදිලි වේ. “ මවගේ පාමු ස්වර්ගය පවතීයි.” (මූලාශුය : මුස්නද් අහ්මද්)

මෙම නබි වදනද එයට උදාහරණයකි.

“එක් පුද්ගලයෙක් මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා වෙත පැමිණ “අල්ලාහ්ගේ රසුල්වරයාණෙනි ! මා ඉතා සෙනෙහසින් ඇසුරු කිරීමට සියල්ලටම වඩා ඉතා සුදුසු වන්නේ කව්රුන්දැයි විමසීය. එයට එතුමාණෝ “ඔබේ මව” යැයි පැවසුවේය. ඉන් පසු කව්රුන්දැයි විමසන විට “ඔබේ මව” යනුවෙන් නැවත පැවසුවේය. තෙවන වරටද විමසූ විට නැවතත් “ඔබේ මව” යනුවෙන්ම පිළිතුරු දුන්නේය. සිව්වන වර විමසූ විට “ඔබේ පියා” යනුවෙන් පිළිතුරු දුන්නේය.” (මූලාශුය : බුහාරි)

ඉස්ලාම් දහම තුළ දික්කසාදය යනු අල්ලාහ්ට ඉතා අප්‍රිය වූ ක්‍රියාවලියකි. එහෙත් විවාහක දෙදෙනෙකුට එක්ව ජීවත් වීමට කිසිසේත්ම නොහැකි අවස්ථාවක දික්කසාද වීමේ අවසරය ඉස්ලාමය විසින් ලබා දී ඇත. මුස්ලිම් කාන්තාවකටද දික්කසාද වීමේ අයිතිය හිමිකර දී ඇත. දික්කසාද අවස්ථාවේද ස්ත්‍රිය තනි නොකරන ඉස්ලාම් වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින දෙපලක් දික්කසාද වූ විට එම දරුවා රැක බලා ගැනීමේ හේතුව කරණ කොට දරුවාට වයස අවු දෙකක් සම්පූර්ණ වන තෙක් දරුවා මවට භාර කෙරේ.අල් කුර්ආනයේ මෙසේ සදහන් වේ.

“(තම ළදරුවන්ට) කිරි පෙවීමේ කාලය සම්පූර්ණ කිරීමට (පියවරුන්) අදහස් කල හොත් මව්වරුන්ගේ ඔවුන්ගේ ළදරුවන්ට සම්පූර්ණ දෑ අවුරුද්දක් කිරි පෙවියයුතුය.මෙවැනි අවස්ථාවන්හිදී ඔවුනට (මව්වරුන්ට) සාධාරණ අන්දමින් කෑම සැපයීමද ඇදුම් දීමද ළදරුවාගේ පියා වෙත ඔහුගේ තත්ත්වය අනුව පැවරී ඇත.” (අල් කුර්ආන් 2 – 233)

ඉස්ලාමීය වත් පිළිවෙත් සියල්ල තුළ කිසිදු භේදයකින් තොරව ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයටම සමානවූ වගකීම් හිමිව ඇත. එමෙන්ම අල් කුර්ආනයේ ඇයගේ ඇදුම පිළිබද මෙසේ සදහන් කරනු ලබයි. “තම බැල්ම පහත හෙලන ලෙසත් තම පතිවත ආරක්ෂා කරන ලෙසත් විශ්වාස කල කාන්තාවන්ට කියන්න. ඔවුහු තම අලංකාරයෙහි මතුපිටින් පෙනෙන දෙය හැර අනෙකුත්දෑ හෙලි නොකරන්න. තම හිස වසන සළු පයෝධර මත දමා ගන්න. ….” (අල් කුර්ආන් 24 : 31)
උක්ත අල් කුර්ආන් වැකිය ඔස්සේ හිජාබ් පිළිබද කාන්තාවට දැනුම් දෙන අතර ඉස්ලාම් කාන්තාවට හිජාබය ඇදීමට අණ කිරීම සදහා වූ හේතූන් සහිතව නැවත වරක් හිජාබය ඇදීමට දැනුම් දෙයි.
“නබිවරයාණෙනි ! ඔ‍බගේ භාර්යාවන්ටද ඔබගේ දූවරුන්ටද (සෙසු) විශ්වාස කල ස්ත්‍රීන්ටද හිස වසන සළු එල්ලා දමන ලෙස පවසන්න. මෙය ඔවුන් (සදාචාරාත්මක ස්ත්‍රීන් යැයි) දැන ගනු ලබන පිණිස ද පීඩා කරනු නොලැබ සිටිනු පිණිසද මෙය උචිතය….” (අල් කුර්ආන් 33: 59)

මෙලෙස බලන කල සර්ව සාධාරණ ලෙස කාන්තාවට අයිතීන් හිමිකර දුන් ඉස්ලාමය සදාකාලයටම කාන්තාවක් උදෙසා සුදුකම් ලද එකම ධාර්මික ජීවන ප්‍රතිපදාව නොවන්නේද?

Advertisements

About Islam Sinhalen

Islam is much more than a formal religion: it is an integral way of life.In many ways it is a more a determining factor in the experience of its followers than any other world religion. The Muslim ("One who submits") lives face to face with God at all times and will introduce no separation between his life and his religion, his politics and his faith. With its strong emphasis on the brotherhood of men cooperating to fulfill the will of God.

Posted on May 25, 2013, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: