“සත්‍ය දහමේ නිවැරදි සලකුණු”

සත්‍ය දහමේ  නිවැරදි සලකුණු

දැන යන මග සහ නොදැන යන මග ගමනාන්තයෙහි ප්‍රතිඵලය එකිනෙකට  වෙනස්ය. පරස්පරය. දැන යන මග  අවසානය අතිශය සුභදායක වන අතර නොදැන යන මග අවසානය ඊට ප්‍රතිවිරුද්ධ ඵලයක් ගෙන දෙයි. එය අති බිහිසුනුය. සත්‍ය සහ අසත්‍ය ධර්මයක් අනුගමනය කිරීමද ඉන් අත්වන්නාවූ අවසානයද මීට සාපේක්ෂය. 

එහෙයින් සත්‍ය දහම හා අසත්‍ය දහම වෙන්කර හඳූනා ගැනීමද අප සතු වගකීමකි. එසේ හඳූනා බෙදා වෙන්කර ගැනීමට යම් සත්‍ය දහමකට ආවේණික වු නිවැරදි සාධක පිළිබඳ විමසීම අතිශය ප්‍රයෝජනවත්ය.

එහෙත් දිනෙක මොහොතකට හෝ අප එසේ විමසා ඇත් දැයි අප විසින්ම අප වෙත ප්‍රශ්න නගා ගත යුතුය. මන්දයත් කිසිඳූ විමසීමකින් තොරව මා පිය උරුමයෙන් ලද ධර්මය පිළිබඳව විශ්වාසය තැබූවා විනා අන් යමක් අප විසින් සිදූ නර නැත. කිසි දිනෙක දෙමාපිය උරුමයෙන් ලද දෑ නිවැරදිම විනා දෝශ සහිත නොවේ යැයි විශ්වාස කරන අප ඔවුන්ගෙන් ලද සියල්ල බදා වැළඳ සත්‍ය පෙනී වූවද ඒ පිළිබඳව විමර්ශනශීලී වන්නේ නැත.

එහෙත් සියල්ල අවසාන සහනදායී ප්‍රතිඵල ලබන්නට නම් යථාර්තවාදීව සහ විචාරශීලීව සිතා කටයුතු කල යුතුය. සත්‍ය දහමක් හඳූනා ගැනීමේදී එය ඉතා වැදගත්ය. ඒ මන්දයත් මරණින් මතු සදාකලිකව හිමිවන ජීවිතයේ භාග්‍ය ලබන්නට නම් එසේ යථාර්තවාදී වීම සහ විවෘත වූ මනසින් සියල්ල විචාරීම අත්‍යවශ්‍ය වන බැවිනි. 

මිනිසා සතු දැනීමේ හා හැකියාවන්ගේ නිමි වළලු බිඳ දමමින් ඉන් ඔබ්බට ගියා වූ තීක්ෂණ බුද්ධියක් සහිත වූවෙකුට හැර මෙලොව හා මරණින් මතු සදාකාලික ජීවිතය පිළිබඳ පුළුල් හා නිවැරදි මඟ පෙන්වීමක් ලබා දීමට නොහැකි බව දැනුම ඇත්තාවූද නොමැතිවූද කවරෙකුට හෝ වැටහේ. එසේ විචාරීමට ගැඹුරු පළල් අසීමිත දැනුමකින් සපිරි විය යුතුය.

එසේ හෙයින් කිසිඳූ ව්‍යාකූල භාවයකින් තොරව නොපැකිලිව පිළිගත යුතු කරුණක් ඇත. එය සත්‍ය දහමක් හඳූනා ගැනීමේ පළමු සලකුණ ලෙස සනිටුහන් කිරීම වටී. එය ධර්මය ලබා දෙන්නා සියළු ඥානයන්ගෙන් පූර්ණව සිටිය යුතු බවය. එනම් සියළු දෙය කෙරෙහි මනා දැනුමකින් පිරිපුන් විය යුතු බවය.

මෙකල ලොව පවතින සියළු ධර්මයන් ඉපැරණි ඒවාය. එම දහම් සියල්ල ලබා දූන්නේ ඉහත කී පරිදි සර්ව ඥානයන්ගෙන් හෙබි සර්වඥයෙක් නම් ධර්මයට අදාල සියළු කරුණු කාරණාද” ලිපි” ග්‍රන්ථ” හා ආගමික නීති රීති පද්ධතියද ධර්මය ලබා දූන් සර්වඥයාගේම සිතුවිලි වීමත් එම මූලාශ්‍ර කිසිඳූ අයුරකින් නොවෙනස්ව ආරක්ෂත වූ ඒවා විය යුතුය.

එහෙත් අනුගාමිකයන් විසින් දෙන ලද ධර්මය මුල් ස්වරූපයෙන්ම රක්ෂිතව පවතින්නා වූ බවට පැහැදිලි යැයි සාධනය කල හැකි සාධක තිබිය යුතුය. සත්‍ය හා අසත්‍ය බෙදා වෙන්කර ගැනීම සඳහා ඉහත සාධකය අත්‍යවශ්‍ය වේ. මිනිස් සිතුවිලි විවිධ වූ කාල පරාසයන් හා ඔහු ජීවත් වන සමාජ වපසරිය මෙන්ම දැනුම ප්‍රගුණ කිරීම ආදිය සමඟ වෙනස්වීම නොවැලැක්විය හැක. එසේ හෙයින් පරස්පරභාවයෙන් තොර මිනිසෙකු සොයා ගැනීම දූර්ලභය.

එම නිසා සර්වඥයන් විසින් පහළ කරන ලද ධර්මය සතුව අසත්‍යයෙන් හා පරස්පරයෙන් තොරවීම මනඃකල්පිත චින්තනයන් රහිත වීම අමානුෂික හා අධම සංකල්පයන්ගෙන් තොරව උසස් චින්තනයක් ගොඩනැගී තිබීම හා මිනිස් ජීවිතය තුළ සියළු කාල වකවානු සඳහා උචිත නිරවද්‍ය හා පුද්ගලික ලාභයන් පිළිබඳ බලාපොරොත්තු රහිත වීම නිවැරදි මග පෙන්වීමක් සහිත වීම වැනි කරුණු අන්තර්ගත විය යුතුය.

එමෙන්ම එසේ වූ ධර්මය ලිඛිත හෝ පරිහරණය සඳහා තෝරාගත් භාෂාව සජීව භාෂාවක් වීම එනම් සර්වකාලීනව සියල්ලන් හට තේරුම් ගත හැකි ආකාරයේ භාෂාවක් වීම අතිශය වැදගත්ය. නැතහොත් තෝරාගත් භාෂාව ධර්මය පහළ කල සර්වඥයාට හෝ ධර්මය පිළිබඳ විශාරදත්වයට පත්වූවන්ට හෝ ධර්මය පහළ කල වකවානුවේ ජීවත් වූවන්ට පමණක් වටහා ගත හැකි භාෂාවක් වීම ධර්මයේ සත්‍ය වටහාගැනීමටත්  ප්‍රචාරයටත් එරෙහිව නැගී සිටින බැවින්ය.

මිනිස් ඥාණයෙන් ඔබ්බට ගියා වූ අසීමිත දැනුමක් සහිත වූවෙක් විසින් ධර්මය පිළිබඳ යම් සංකල්පයක් ගොඩ නගන්නේ නම් එය විද්‍යාත්මක අවිද්‍යාත්මක සියළු  කරුණු හා ඝර්ෂණයක් ඇති නොවන්නක් විය යුතුය. මන්දයත් විශ්වයේ සියළු ක්‍රියාකාරීත්වය පිළිබඳව උසස් හා පුළුල් දැනීමකින් ඔහු සතු වන බැවිනි.

 

එම නිසා බුද්ධිමත්ව සිතා බලන කල්හි සත්‍ය ධර්මය කිසිවිටෙකත් විද්‍යාත්මක සංකල්ප සමඟ පරස්පරභාවයක් ඇතිකර නොගනී. එම නිසා විද්‍යාත්මකව සිදූවන සංසිද්ධීන් පිළිබඳ සැබෑ යථාර්තවාදී කරුණූ එහි අන්තර් ගත විය යුතුය. මනඃකල්පිතයන් පරස්පරයන් විද්‍යාත්මක ගැටීම් සහිත සංකල්ප කිසිඳූ කලෙක සත්‍ය ධර්මයක් වන්නේ කෙසේදැයි ඔබට වැටහෙනවා ඇත.

ධර්මය ලබා දූන් සර්වඥයන්ගේ සංකල්පය අනුගාමිකයින් විසින් සංස්කරණය කරන්නේ නම් එහි ඇති සත්‍ය කුමක්ද ? සාමාන්‍ය මිනිසෙකුට කිසිදිනෙක සමස්ථ විශ්ව ක්‍රියාවලිය පිළිබඳ සිතා බලා සර්වඥයාගේ සංකල්පය වෙනස් කල නොහැක. වෙනස්කලද එහි සත්‍යයන් අන්තර්ගතවේද ?

මොහොතක් සිතන්න………

මා පිය උරුමය පිළිබඳ සිතුවිලි වලින් මිදී බිඳකට ස්වාධීනව සිතන්න.

ලොව පහළ වූ සියළුම ධර්මයන් අතර කිසියම් සමාජයක් හෝ ජන වර්ගයක් හෝ එක් කාල පරාසයක් හෝ පදනම් කර ගනිමින් නොව සමස්ථ විශ්ව පද්ධතියටම පොදූ වූ සත්‍ය ගරුක උත්තරීතර දහමක් නොවන්නේද ?

ඔබ හඳූනා ගත්තාද………?

මුළු විශ්වයටම සර්ව බලධාරී වූ සදාදරණීය අධිපතියාණන් විසින් මීට ශත වර්ෂ 14ට පෙර සියළු මනඃකල්පිතයන්ගෙන් තොර සර්ව සාධාරණ හා පරස්පරයන් රහිත නිරවද්‍ය නිරවුල් මෙලොව මෙන්ම මරණින් මතු ජීවිතයේ සදාකාලික සිසිල හිමිවන අති පවිත්‍ර දහමක් පහළ කර ඇතුවා නොවේද..                ?  මූලාශ්‍රය වූ ශුද්ධ දේවමය ග්‍රන්ථය “අල් කුර්ආනය” එලෙසින්ම නොවෙනස්ව දේව වචනයෙන්ම සුරක්ෂිතව පවතිනවා නොවේද..?

සිතන්න……..

එසේ නම් අසත්‍යයේ මිත්‍යාව බිඳ සත්‍යයේ උදාව සමඟ ජීවිතයේ සැබෑ යථාර්තය හා සදාකාලික සැනසීම ලබන්නට තවමත් ඔබ “ඉස්ලාම්” නම් පවිත්‍ර ධර්මයට අනුගතවන්නට පමාවන්නේ කිමද…?

ඉන්ෂා අල්ලාහ්…….!!!

ඉස්ලාමීය සහෝදරත්වයට එක්ව ස්වර්ගයේ සිසිල විඳින්නට අත්වැල් බැඳගන්න……

 ඉන්ෂා අල්ලාහ්…….!!! (අල්ලාහ්ගේ මනාපය ඇත්නම්)

සර්ව බලධාරීයාණන් සැමට යහ මාර්ගය දෙත්වා …….!!!

 

Advertisements

About Islam Sinhalen

Islam is much more than a formal religion: it is an integral way of life.In many ways it is a more a determining factor in the experience of its followers than any other world religion. The Muslim ("One who submits") lives face to face with God at all times and will introduce no separation between his life and his religion, his politics and his faith. With its strong emphasis on the brotherhood of men cooperating to fulfill the will of God.

Posted on June 11, 2012, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: