ගෝරණාඩුව පරයන කාහලනාදය

ගෝරණාඩුව පරයන කාහලනාදය

සයිබර් අවකාශයේ ඉස්ලාමයට පහර දෙන්නට පෙළ ගැසෙන ඇතැමුන් දැන් දැන් තමාගේ මාර්ගය වෙනස් කළ බවක් මටනම් හැගෙන්නේය. ජන්මේ පුරුද්දට රෙදි කරට ගෙන ඉස්ලාමයට එරෙහිව නැගී සිටින්නට ඔවුන් ආරම්භ කල ඇතැම් කටයුතු මේ වන විට යන්තමට හෝ වසා ගන්නටවත් ඔවුන්ට හෙළුවක් ඉතුරු කර නැත.

කෙසේ වුවද ඔවුන් ගේ මේ කලාව ඉස්ලාමයට විරුද්ධව පමණක් නොව කිසිවක් සදහා ඔවුන්ට ගැලපෙන්නේ නැත. මන්ද මද කිපුනු නාලාගිරි ඇතා සේ අග මුල නොදැන දගලනවා විනා කල දුටු කල වල ඉහ ගන්නට ඔවුන් නොදන්නා නිසාය.  කතාවෙන් ඔවුන් තරම් කිසිවෙකුත් නැත. ශ්‍රද්ධාව වෑහෙන මේ හිත් වල ඇවිලෙන ඊර්ෂ්‍යාවේ විෂ වමාරන අතරතුර අරයාගේ මෙයාගේ අරකේ මේකේ වගතුග හොයනවා විනා මෙතුවක් නම් කල කිසිවක් නැති බව සත්‍යයකි.

තම්බියාට නොකියූ කිසිත් නොමැති තැන දැන් මුස්ලිම් කාන්තාව තම්බි පැටව් හදන හදන වාරයක් ගානේ සිංහල දෙමළ වෛද්‍යවරුන් ඉදිරියේ නිරුවත් වන බව කියමින් මොවුන් ලොවට කියන්නට හදන්නේ කුමක් දැයි අපට පැනයකි. විළි රුදාවෙන් කෑ ගසන ගැහැණියක් දුටු කිසිදු වෛද්‍යවරයෙකුට මෙතුවක් අමන සිතුවිලි පහල නොවූ බවත් මෙතුවක් කලක් ඔහු එකී කටයුත්තේදී ජාතිය ජන්මය සොයා දගලනවා වෙනුවට උපරිමයෙන් තම කාර්යය ඉටු කල බවත් අප දනිමු. විශ්වාස කරමු. එහෙත් කිසිදු ආගමකට නැති ඇතැමුන් මේ සැරසෙන්නේ කුමකටද? එහෙත් ඔවුන්ට කියන්නට දෙයක් ඇත. ඒ දූෂිත සිතුවිලි වලින් පිරුණු ඔබ වැන්නෙක් මෙවන් අවස්ථාවකදීද තිරිසනෙකු විය හැකි බවය. එහෙත් උසස් වෛද්‍ය වෘත්තිය සමග මිනිසත් කම ඇති කිසිදු වෛද්‍යවරයෙක් අනාගතයේද තම වගකීම ජාති ජන්ම නොසොයා ඉටු කරන බව අප විශ්වාස කරමු.

මුස්ලිම් කතුන් පිළිබද අසීමාන්තික කැක්කුමකින් ඔවුන්ට නිදහස වෙත ආමන්ත්‍රණය කරන ඇතැම් මහත්වරුන්ට ඔවුන්ගේ මති මතාන්තර වලට ගැලපෙන ලෙස නොව සම්‍යයක් ශාන්තිය උදාකර දෙන ධර්මයට අනුව සිහිපත් කල යුතු යමක් ඇත. එය පහත සනිටුහන් කරමි.

වරක් ශාන්ති නායක අමා මහ බුදු රදුන් ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිගොධාරාමයෙහි වාසය කරණ කල්හි මහා ප‍්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ සිටින තැනට පැමිණ ස්වාමිණි, ස්ත‍්‍රීය ගිහිගෙයින් නික්ම තථාගතයානන් වූ ඔබ වහන්සේ විසින් දේශනා කරණ ලද ශාසනයට ඇතුළත්ව පැවිදිවීම යහපතැයි ඇසුවාය. එයට පිළිතුරු ලෙස ස්ත‍්‍රීය විසින් තථාගතයානන් වහන්සේ දේශනා කල ධර්ම විනයෙහි ශාසනයෙහි පැවිදිවීම තොපට රුචි නොවේවා යයි භාග්‍යවතුන් වහන්සේ පවසන ලදී.

නැවත දෙවනුවද මහා ප‍්‍රජාපතී ගෝතමීය භාග්‍යවත් බුදුන් වහන්සේට, ස්වාමිණි, ස්ත‍්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වූ ඔබ වහන්සේ විසින් දේශනා කරණ ශාසනයට ඇතුළත්ව පැවිදිවීම යහපතැයි කීවාය. එයට එවරද ශාන්තිනායකයාණන් ගෙන් ලැබණේ පළමු පිළිතුරය.

තෙවනුවත් මහා ප‍්‍රජාපතී ගෝතමී තොමෝ එලෙසම පැන නගන අතර පෙරළා එවරද ලැබුනේ මුල් පිළිතුරමය.

අවසර නොලැවීම නිසා ප‍්‍රජාපතී ය භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනයෙහි ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිද්දට අවසර නොදේයයි සිත නරක් වූ ඇය දෑස කදුළින් පුරවා පිටව ගියාය.

අවසන ඇය තම හිසකෙස් මුඩු කොට කසා වස්ත‍්‍ර හැද බොහෝ ස්ත‍්‍රීන්ද කැටුව බොහෝ දුර පැමිණ බුදුන් රදුන් වැඩ සිටින පෙදෙසේ හඩමින් රැදී සිටියාය.  ආනන්ද හිමියන් මෙය දුටු අතර ඇයගෙන් කරුණු විමසන ලදී. ඉන් පසු ආනන්ද  ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ බැහැ දැක , “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මහා ප‍්‍රජාපතී ගෝතමීය ඉදිමී ගිය දෙපයින් හා  ධූලින් වැසුනු සිරුරින්, දුක් වෙමින්, නොපහන්  සිතින්, කදුළු පිරුණු ඇස් ඇතිව අඩමින් සිටින්නීය. ස්ත‍්‍රීය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිකවූ පැවිද්ද ලබන්නේ නම් යහපතකි”. යයි පවසන ලදී. නමුදු  භාග්‍යවතුන් වහන්සේ එය ප‍්‍රතික්ෂේප කරන ලදී. නැවත නැවතත් ආනන්ද හිමියන් මේ කාරණය පිලිබදව බුදුන්  වහන්සේගෙන් විමසා සිටින ලදී. එසේ වුවද දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කිරීම නිසා මේ පිලිබදව තවදුරටත් විමසීම ප්‍රතිඵල රහිත  බව අවබෝධ කරගත් අනද හිමි අවසානයේ “ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත පැවිද්ද ලබා සෝවාන් ඵලය හෝ සකෘදාගාමි ඵලය හෝ අනාගාමි ඵලය හෝ අර්හත් ඵලය ප‍්‍රත්‍යක්‍ෂ කරන්ට සුදිසුය” විමසන ලදී.  “ආනන්‍දය, ප‍්‍රජාපතී ගෝතමි තොමෝ කරුණු අටක් පිළිගන්නේ නම් ඇයට උපසම්පදාව හිමිය” යැයි බුදුන් වදාළහ.

  1. උපසම්පදා වී වර්ෂ සියයක් ගිය භික්‍ෂුණිය වුවද එදා උපසම්පදා වූ මහණහට වැදීම හා දැක හුනස්නෙන් නැගටීම යනාදී වශයෙන් ගරුකල යුතුය.
  2. භික්‍ෂුණිය විසින් භික්‍ෂූණ් නැති ආවාසයක වස් නොවිසිය යුතුය.
  3. අඩ මසකට වරක් භික්‍ෂුණිය විසින් භික්‍ෂූ සංඝාගෙන් පොහොය විචාරීම ද අවවාද ඇසීම ද කලයුතුය
  4. වස් විසු භික්‍ෂුව උභය සංඝයා ඉදිරියේ පවාරණය කල යුතුය
  5. ඇවැතකට පැමිණි භික්‍ෂුණිය විසින් සංඝයා දෙකොටස වෙත පක්‍ෂයක් පුරණ හික්මීමෙහි හැසිරිය යුතුයි.
  6. දෙවර්ෂයක් ධර්ම සයෙක්හි හික්මෙන ලද හික්මීම් ඇතිව හික්මෙන්නිය විසින් දෙ වැදෑරුම් සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුතුය.
  7. කිසියම් කරුණකින් භික්‍ෂුණිය විසින් භික්‍ෂූන්ට ආකේ‍්‍රශා නොකළ යුතුය. පරිභව නොකළ යුතුය.
  8. අද පටන් භික්‍ෂුණීන්ට භික්‍ෂූන් කෙරෙහි වචන මාර්ග වැසූයේය. භික්‍ෂුණීන්ට භික්‍ෂූන් කෙරෙහි වචන මාර්ග නොවැසුවේය.”

මෙම කරුණු අට ප‍්‍රජාපතී ගෝතමී තුමියට පැවසීමේන් අනතුරුව බුදු සසුනට තිබු දැඩි කැමැත්ත නිසා ඇය මෙම කරුණු 08 පිලිගෙන සසුන් ගත වූවාය.

සියල්ල අවසන බුදු රදුන් ආනන්ද හිමියන් වෙත මෙසේ වදාළහ.  “ආනන්‍දය, ඉදින් ස්ත‍්‍රීය බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මයේ පැවිද්ද නොලැබූයේ නම්, ආනන්ද, බ‍්‍රහ්මචරය්‍ය බොහෝ කල් සිටියේ වන්නේය. වර්ෂ දහසක් සද්ධර්මය පිහිටන්නේය. ආනන්ද, යම් දවසෙක සිට ස්ත‍්‍රිය බුදුන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වූයේද, ශාසනය වර්ෂ පන්සියයක් සද්ධර්ම පිහිටන්නේය. එලෙස යම් අයුරින් කිසිදු කුලයක ස්තී‍්‍රහු වැඩිවී පුරුෂයන් අඩුවෙත්ද ඒ කුලයේ ගම්පහරණ සොරුන් විසින් පහසුවෙන් මැඩ පැවැත්විය යුත්තේද එසේම යම් ධර්ම විනයෙහි ස්තී‍්‍රය පැවිද්ධ ලබයි ද ශාසනය බොහෝ කල් නොපවතින්නේය, එසේම සම්පූර්ණ වු හැල් කෙතෙහි සුදු ඇට ඇති රෝග පහළවේද එසේ ඒ හැල් කෙත බොහෝ කල් නොපවතී එසේම ස්ත‍්‍රිය යම් ධර්ම විනයක පැවිද්ද ලබයි ද ඒ ධර්ම විනය බොහෝ කල් නොපවතී…”

මෙසේ බලන කල ඉස්ලාම් විරෝධී මහත්වරුන් අග මුල පැටලී හෝ අග මුල පටලවා  ගෙන බව පැහැදිලිය. එහෙත් බුද්ධ දේශනාවට අනුව නම් ඔවුන් පත්ව ඇත්තේ ගම් පහරණ සොරුන් නොව ආගම් පහරන්නන් බවටය.

ඒ කෙසේ වුවද මෙහෙණි සස්න ඇරඹුනේ බුදුන් ගේ කරුණාවටද නැත්නම් ගෝතමියගේ උත්සාහයටද යන්න පැහැදිලිය. මෙවන් පසුබිමක සිට මුස්ලිම් කතුන්ට නිදහසට ඇරයුම් කරන ඇතැමුන්ට පවසන්නට ඇත්තේ  පළමුව තමන්ගේ රෙද්දේ ඇති තුත්තිරි ගලවා ගන්නා ලෙසය. මෙවන් කිසිදු ආකාරයකින් හෝ ඉස්ලාමය නවතනු හැකිනම් අද ලොව සීඝ්‍රයෙන් ව්‍යාප්‍තවන දහම ඉස්ලාම් වන්නේ නැත.

මහත්වරුණි සිතන්න. “ ශාන්ති නායක අමා මෑණී බුදු රදුන් අනද ස්ථවිරයන් ඉදිරියේ වදාළ අයුරින් කිසිදු කරුණක් හේතු කොට ගෙන ඉස්ලාමය කල් නොපවතින බව අල්ලාහ් පැවසූයේ නැත. අල්ලාහ් පැවසූයේ ඉස්ලාමය සදාකාලික බවය.” එනිසා මුස්ලිමුන්ට ගෝරණාඩු ඉදිරියේ පැන යාමේ අවශ්‍යතාවයක් නැත.

 කැලේ හැඩ වෙන්නේ සිංහයාගේ හෝ කොටියාගේ ගෝරණාඩුවෙන් නොව විහගුන්ගේ කාහල නදින්. ගෝරණාඩුවෙන් සිදුවන්නේ වනයේ සිරි නරඹන්නන් භීතියෙන් පලා යම පමණි.   

Advertisements

About Islam Sinhalen

Islam is much more than a formal religion: it is an integral way of life.In many ways it is a more a determining factor in the experience of its followers than any other world religion. The Muslim ("One who submits") lives face to face with God at all times and will introduce no separation between his life and his religion, his politics and his faith. With its strong emphasis on the brotherhood of men cooperating to fulfill the will of God.

Posted on May 21, 2012, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: