ආදරණීය අම්මේ…

ආදරණීය අම්මේ…

 

යුවතියක් බිරිදක් වූ දිනේ පටන් ඇගිලි ගනින්නේ කුළුදුල් මව් පදවියට…ඒත් දැන්නම් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා…දැන් කසාදයක් බැදපු ගමන් හිතන්නේ ෆැමිලි ප්ලෑනින්… ඉක්මනට අම්මකෙනෙක් වුනොත් ලයිෆ් එක එන්ජෝයි කරන්නේ කොහොමද… ජොබ් එකේ ප්‍රමෝෂන් එකක් ගන්නේ කොහොමද… බොඩි ෂේප් එක අවුට් යයිද…දැන්නම් මේවා තමයි අළුත විවාහවුන බිරිදකගේ ඔළුවේ වැඩකරන්නේ… ඒත් කවදා කොහොම හරි අම්ම කෙනෙක් වෙනවනේ…පුංචි පැටිය ඇවිත් මාසෙන් මාසෙ ගෙවෙන කොට…ටික ටික දගකම් කර කර අම්මගෙ බණ්ඩිය රිද්දනකොට…අම්මගෙ ඇස්වල කාන්තියෙන් එළිය වැටෙන්නේ පැටියා ගැන තියෙන මහ හුගක් බලාපොරොත්තු… අම්මට ඕනි තාත්තාවගෙ පුතු පැටියෙක්…තාත්තට ඕනි අම්මාවගෙ දූ පැටියෙක්…මෙහම හීන දැක්කට මව් දෙමව්පියන්ට කොයි දරු පැටියත් එක හා සමානයි… ඒක මේ ලෝකේ කොයි ආගම දහම අදහන කොයි ජාතියක කෙනාටත් පොදුයි… සතා සිවුපාවට පවා… පැටියා කුස තියන් අම්මා පැටියට ඇදුම් ආයිත්තම් මහනකොට අම්මගෙ හීන තවත් දික් ගැහෙනවා…ඔහොම ගිහින් දස මසක් කුස දරන් බලාගත්තු දරු පැටියා මේ ලෝකට බිහිවෙන මොහොතෙ මොනතරම් දුක් වේදනා වින්දත්…ජීවිතේ පළවෙනි වතාට තමන්ගෙ කුසෙන් බිහිකරපු දරු පැටි‍යගෙ මූණ බලන කුළුදුල් අම්ම කෙනෙකුගෙ කදුළු දරු පැටියට කියාපාන්නේ හිතේ පොදි බැදෙන අසීමාන්තික ආදරේ… එදා ඉදන් රෑ දවල් නොබලා ලේ ටික කිරට හරවලා පොවන අම්මගෙ හීනය දරු පැටියා ලොකු වෙලා ලෝකෙට ලොක්කෙක් වෙනවා දකින එක… ඒත් අම්මේ හිතන්න…අම්මට ලැබුනේ ලස්සනම ලස්සන දූ පැටියෙක් කියලා…අපි මෙතන ඉදන් එහෙම හිතාගෙන ඉදිරියට ලියාගෙන යමු… ඔන්න ඉතින් අම්මා අම්මගෙ දූ පැටියා මලක් වගේ ආදරෙන් බලා ගන්නවා…ටික ටික ලොකු වෙලා දූ පැටියා ඇවිදින කොට ලස්සනම ලස්සන ගවුම් පොඩි අන්දලා එයා ඇවිදින හැටි බලන් ඉන්නවා… මෙහෙම වසරින් වසර ගෙවිලා අම්මගෙ දූ සිගිත්ත මල්වර කුමාරිකාවක් වෙලා ගෙදරට සිරිදුව වෙනකොට අම්මට අම්මගෙ කෙලි පොඩිත්ත ගැන හරි ආඩම්බර හිතෙනවා…ඉතින් ඔන්න අම්මා දූ කුමාරිගෙ මල්වර මගුලත් මුළු ගමටම කියනවා… ගම්මු ඇවිත් අම්මගෙ කෙලි පොඩිත්ත බලලා කාලා බීලා සතුටින් විසිර යනවා…ඔන්න දැන් අම්මට ඉන්නේ යමක් කමක් තේරෙන ඇහැට කණට පේන හැඩ වැඩ කෙලි පොඩිත්තක්…අම්ම ඉතින් හදවතින් සතුටු වෙනවා… ඒත් අම්මේ …ඔයා මෙතනදි එක දෙයක් අමතක කරනවා…ඒ මොකක්ද දන්නවද…එයාගේ ජීවිතේ ‍මේ සිද්ධවුන ශාරීරික හා මානසික වෙනස ගැන ඔයා එයත් එක්ක කතා කරන්නේ නෑ…මම කොහොමද ඒ වගෙ දේවල් එයා එක්ක කතා කරන්නේ කියලා ඔයා කියයි…ඒත් අම්මේ… එයාගේ ජීවිතේ වුන වෙනසත් එක්ක එයාට ඒ වෙනස්කම් වලට මුහුණ දෙන්න…එයාගෙ ජීවිතයට…මේ විෂම සමාජයට මුහුණ දෙන්න…එයාට අම්මා තරම් ගැලපෙන කෙනෙක් මේ ලෝකේ වෙන නෑ අම්මේ… මේ දේවල් කිය‍දෛන්න බැරි තරම් දුරස් බවක් අම්මගෙයි දෝණිගෙයි අතරේ තියනවා කියන්නේ… එතනින් එහාට එයා ජීවිතේ ගැන අහන්නේ කාගෙන්ද අම්මේ…ටිකක් හිතන්නකෝ… ඉස්කෝලේ පත පොතේ මිනිස් සිරුරේ පද්ධති… ඒවායේ ක්‍රියාකාරීත්වය …ඒ ගැන තිබුනට මානුෂිකව ඒ දේවල් සාමාන්‍ය ජීවිතයට ගලපලා කියාදෙන්න ඒවායේ නැති ජීවිතේට අත්‍යවශ්‍යම දේවල් දූට කියා දෙන්න අම්මා ඇරෙන්න දූට කව්ද ඉන්නේ…කාලෙත් එක්ක එයා මේවා ඉගෙන ගනී කියලා අම්මා ආයිමත් කියයි…ඒත් අම්මේ මේ එහෙම නිවැරදිම දේවල් විතරක් ඉගෙන ගන්න ලැබෙන කාලයක නෙවී අපි ඉන්නේ … දන්නවද අම්මේ…ගැහැණියකගෙ ශාරීරික ක්‍රියාවලිය හරි අපූරුයි…ඒක එයාලට අනන්‍යයයි…ඒ නිසා ඒ දේවල් දූ කුමාරිට තේරුම් බේරුම් කරන්න…අම්මා ඇරෙන්න මේ ලෝකේ වෙන කාටවත් බෑ…දැන් අම්මගෙ දූ සිගිත්ත ලොකු ළමයෙක්…තව ටික දවසකින් බිරිදක්..මවක්…මේවගේ කාල පරාසයන් වල එයාට ශාරීරික මෙන්න මානසිකව මුහුණ දෙන්න වෙන වෙනස්කම් ගැන එයාට කියාදෙන්න මේ තමයි හොදම කාලේ…අම්ම මුළුතැන්ගෙයි වැඩ කරද්දි එයා අම්මත් එක්ක කුටු කුටු ගගා පැටලි පැටලි ඉන්න කොට ජීවිතේ කියාදෙන්න පටන් ගන්නකෝ අම්මේ…සමහර දේවල් වැඩිහිටියනිට පමණයි කියලා ලේබල් කරලා තිබ්බ‍ට ඒවයෙත් තේරුම් බේරුම් කරන්න පුළුවන් සීමාවල් තියනවා…හොදට හිතන්නකෝ අම්මේ… අම්මේ…ඔයා ඇරුණම දෝණිට මේවා කියන්න වෙන කව්රුත් නෑ…අම්ම අදහන ආගමක දහමකවත් මේවා ගැන නෑ…ඒ ආගම තුළ දර්ශණයක් මිස අනුගාමිකයින්ට භෞතික ජීවිතේ ක්‍රියාකාරී විය යුතු ආකාරයට නීති රීති පද්ධතියක් සම්පාදනය වෙලා නෑනේ…ඒකයි හුගක් ආගම් ප්‍රායෝගික ජීවිතයට ගලපගන්න බැරි වෙන්නේ… ඒත් අම්මේ… වාසනාවක‍ට අපේ ආගමේ අපි අදහන දෙවියන් විසින් ජීවිත මාර්ගෝපදේශයට අපට දායාද කල ශුද්ධ කුර්ආනයේ මේ හැම දෙයක්ම පැහැදිලිව තියනවා… ශාරීරිකව ගැහැණු පිරිමි වෙනස් බව…විශේෂයෙන්ම කාන්තාවගේ ශාරීරික ක්‍රියාවලීන් ගැන…අඹු සැමි ඇසුර…දරු ප්‍රසූති අවධිය…දරුවාට කිරි දීම …මේ හැම දේම ශුද්ධ කුර්ආනයේ තියනවා අම්මේ…දැන් ඔයා හිතනවා ඇති මේ මොන විකාර ආගමක්ද කියලා…මේවා ආගමික පොත පතක තියෙන්න පුළුවන්ද කියලා… ඒක අපි අදහන දෙවියන්ගේ වරද නෙවී අම්මේ… දෙවියන් මේ ලෝකේ දූවිලි අංශුවේ ඉදලා හැම දෙයක්ම නිර්මාණය කරන කොට ඒ දේවල් වලට දේව අණසකට යටහත්ව මේ ලෝකේ පවතින්න පුළුවන් වෙන විදියට ඒ ඒ දේට ආවේණික නීති රීති පද්ධතියක් නිර්මාණය කලා…ඒ හැම දේම ශුද්ධ දේව ග්‍රන්ථයට ඇතුල් කලා…ඒ දේවල් සෑම කාලයකටම පොදු විදියට නිර්මණය වෙලා තිබුණා… අනිත් එක අම්මේ…ඒක නිකම්ම නිකම් දහමක් නෙවෙයි… සරල ජීවන ක්‍රියාවලියක්… සමාවෙන්න අම්මේ… අපේ කතාව දුර දිග ගියා… දැන් අම්මට තේරෙනවනේ… ඔයාට කොච්චර ලොකු වගකීමක්ද මගහැරිලා තියෙන්නේ කියලා… දැන් ඉතින් අම්මවත් මේ දේවල් එයාට නොකිව්වොත් එයා එහෙන් මෙහෙන් මේ දේවල් ගැන එක එක දේවල් ගැන කෑලි කෑලි අහුලගනී…ඊට පස්සේ එයා දන්නේ පැටලිච්ච කතාවක්…එහෙම කෑලි අහුලගත්තම… හරියට නොදැන හිටියම තමයි…සරලවම කිව්වොත් මේ දේවල් කුණු හරුප වෙන්නේ… “ආදරණීය අම්මේ… ඔයාගෙ දෝණි…මලක්…රොන් ගන්න නෙවී…පෙත්තක් තැලෙන විදියටවත්… පිපෙන්න ඉඩ තියන්න එපා…ඇයි දන්නවද…පෙති තැලුණු මලකින්…මලක රුව ගුණ හොයන්න බෑ අම්මේ…”

Advertisements

About Islam Sinhalen

Islam is much more than a formal religion: it is an integral way of life.In many ways it is a more a determining factor in the experience of its followers than any other world religion. The Muslim ("One who submits") lives face to face with God at all times and will introduce no separation between his life and his religion, his politics and his faith. With its strong emphasis on the brotherhood of men cooperating to fulfill the will of God.

Posted on May 5, 2012, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: