ආදණීය කොල්ලනේ….

ආදණීය කොල්ලනේ….

ඔයාලා… ඔයාලගෙ සෙනෙහෙබර අම්මගෙයි තාත්තගෙයි ජීවිතේ ලොකුම බලාපොරොත්තුව… හය හතර තේරෙන කාලෙ ඉදන් පුංචි පුංචි චන්ඩිකම් කර කර … අම්මගෙ ආදරේ මහ හුගක් වින්දේ ඔයාලා…

ටිකෙන් ටික ලොකුවෙලා ඔයාලා ඉස්කෝලේ යන්න පටන් ගත්තම… කරදඩු උස් මහත් වෙලා ඔයාලා ටික ටික ‍ලොකු වෙනකොට… අම්මලා තාත්තලා කොච්චර සතුටුවෙනවද… එයාලා හිතන්නේ එයාලගේ ඉහ මත තිබුණු බර ටිකක් හෑල්ලු වුනා කියලා…

ඒත් කොල්ලනේ …

ඔයාලා කරදඩු උස් මහත් වෙලා… ටික ටික ලොකු මිනිහෙක් වෙලා…ලොකු යාළුවො සෙට් එකක් හදාගෙන…ලොකු ගැන්සියකට සෙට් වුනාම… අම්මල තාත්තලාගෙ බලාපොරොත්තු හීන ගැන හිතන්න ඔයාලට ටයිම් නෑ නේද…?

ඉස්කෝලෙ කට් කරලා ගැන්සියත් එක්ක රවුම් ගහනකොට හිත තව හුගක් දේවල් ඉල්ලන්න පටන් ගන්නවා… විහිළුවකට හරි කෑල්ලක් සෙට් කර ගන්න…කොහේ හරි තැනක එයත් එක්ක ටිකක් තනියම කතා කරන්න… බලන්න ඔයාලගෙ හිත ඉල්ලන දේවල් ඉටුකරගෙන යනකොට ඔයාට මුළු ලෝකයම සුන්දරයි නේද…?

අළුත් පන්නෙට අදින්න…පලදින්න…අළුත් මොබයිල් එකක් ගන්න…ඔයාල ගෙදර අයත් එක්ක කොච්චර රණ්ඩු වෙන්න ඇත්ද..?මේවා නැති වුනොත් ඔයාට ජීවිතේ පල් කියලා හිතෙන තැනට ඔයාගෙ හිත ඔයාව වල්මත් කරලා නේද..? ගෙදර හැමෝටම බත් ටික පිගන්වලට බෙදන කොට අම්මලගෙ අතින් වැඩියෙන්ම බෙදෙන්නේ ඔයාලගෙ පිගානට…ඔයාලා ඒක කාලා ඉවර වෙනකල් ළගට වෙලා බලන් ඉන්න අම්මගෙ ඇස් මේ වල්මත් වුන ලෝකෙදි ඔයාගෙ ඇස් වලට මවා ගන්න බැරි තරම් ඔයාලා බිසී වෙලා නේද කොල්ලනේ.. ඔයාලගේ ඔය පාට පාට ලෝකයට එයාලා “හණ මිටි අදහස් දරණ පරණ කාලේ මිනිස්සු ” නේද කොල්ලනේ…

මෙහෙම වර්ණවත් ලෝකයක් ඇතුලෙ ඔයාලා ජීවත්වෙනකොට සිගරැට් එකක් , පොඩි ෂොට් එකක් ගැහුවෙ නැත්තම් අපරාදේ කොලුකමෙන් වැඩක්ද කියලා ඔයාලට හිතෙනවා… ඔයාලා ඒකටත් ඇබ්බැහි වෙනවා…

ඔයාලා කොලුකම පෙන්නන්න මේවා කරද්දි කොලුකම ඔයාලාගෙන් හුගක් ඈතට යන්න පටන් ගන්නවා…

ඉස්කෝලෙ… ටියුෂන් පංතිය කට් කරලා ගැන්සියත් එක්ක රට වටේ කරක් ගහලා ආපහු හැරෙනකොට … නැත්නම් රස්සාවක් කරන වයදසදි හන්දියක් හන්දියක් ගානේ රස්තියාදු වෙන කොට …අනාගතයක් ගැන හිතන්න ඔයාලට ජීවිතයක් කියලා එකක් ඉතුරුවෙලා තියෙනවද කොල්ලනේ…

පස්වේල සලාතයට මස්ජිදයට යන හැම ‍වතාවෙම කඩ පිළේ මහ මග ඔයාලා ඉන්නහැටි දකිනකොට පපුවට දුකක් දැනෙනවා… ඔයාලගෙ ඔය විසිතුරු හීන ලෝකෙ පාට හේදිලා ගය දවසට ඔයාලට මොනවා නම් වෙයිද කියලා හිතෙනකොට හිතට දුකයි… මතට දුම් වැටියට තිත තියන්න හදන රටක දවසින් දවස වැඩි වැඩියෙන් ඒවටම  ඇබ්බැහි වෙන ඔයාලා…ඔයාලාගේ යෞවනය අපරාදේ කොල්ලනේ…

මේවා කරන අයට අපේ ආගමේ හැටියට තියෙන දඩුවම්… ඒ දේවල් ගැන හිතන කොට ඔය දගකාර…හිතුක්කාර…කොලුකාර…ඔයාලා ගැන මොනවා නම් හිතන්නද… මේක ඇහුවම ඔයාලා කියයි ඒක අපේ වරද නෙවෙයි…ඔයාලා හැම දේටම හිරකරලා සීමා දාන ඔයාලගේ ආගමේ වැරැද්ද කියලා… ඒත් කොල්ලනේ ඒක එහෙම වෙන්නේ පිටින් බැලුවම…මේ ලෝකේ සිද්ධවෙන දේවල් අහපුවම අපටනම් හිතෙන්නේ කොහේ ගියත් අපි ‍අපිව බේරා ගන්න තැනට අපේ ආගම අපිව ගෙනැත් තියෙනවා … අපට හරි වැරැද්ද උදාහරණත් එක්කම පෙන්නලා දීලා තියෙනවා…

කොල්ලනේ…  ඔයාලා වෙනුවෙන් උදව් කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි.. එකක් මේ ලස්සන සරල වගෙම පැහැදිලි ආගමික ජීවන ක්‍රියාවලිය ගැන ඔයාලට තේරුම් කරලා දෙන එක… ඒත් මේ පුංචි රටේ ඇතැම් අය විසින් ඒ දේට එකගනොවෙන තැනට අද ඔයාලව පත් කරලා තියෙනවා… අනිත් ක්‍රමය තමයි ජාතියක් ජන්මයක් ගැන නොහිතා දෙවියන් ඉදිරියේ පුළුවන් හැම වෙලාවෙම ඔයාලට යහමග අයදින එක… ඇත්තමයි … ඒදේ ඔයාලා වෙනුවෙන් නිහඩවම කරනවා කොල්ලනේ…

කොලුකමේ ජවය ජීවිතේ හයිය කරගෙන කරදඩු උස් මහත් කරන්න දහදුක් විදපු අම්මගෙ තාත්තගෙ හීන දිනවන දරුවෙක් වෙලා මේ ලෝකෙත් ඒ ලෝකෙත් ඔයාලට පැහැදිලි ජීවිතයක් දෙන්න… දෙවියන්ගෙන් ඔයාලට හිදායතය (යහමග) ඉල්ලනවා කොල්ලනේ… ඒ ඇරෙන්න වෙන මොනවා නම් කරන්නද… ඒ තාවකාලික පාට පාට ලෝකය ඔයාලට හරි ආතල් නේ…

“ආදරණීය කොල්ලනේ…

ඔයාලා පොරවල්… වල්මත් වුනු ලෝකයක නෙවී… මිනිසත්කමින් යහමග යමින්…සියල්ල නිවැරදිව නිරවුල්ව නිමැවූ දෙවිදුන්ගෙන් …ස්වර්ගය පතන මිනිසත් ලෝකයට…”

Advertisements

About Islam Sinhalen

Islam is much more than a formal religion: it is an integral way of life.In many ways it is a more a determining factor in the experience of its followers than any other world religion. The Muslim ("One who submits") lives face to face with God at all times and will introduce no separation between his life and his religion, his politics and his faith. With its strong emphasis on the brotherhood of men cooperating to fulfill the will of God.

Posted on May 5, 2012, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: