බහු ආගමික වටපිටාව සහ මුස්ලිම්වරයාගේ ස්ථාවරත්වය

බහු ආගමික වටපිටාව සහ මුස්ලිම්වරයාගේ ස්ථාවරත්වය
ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන් වන අප වෙසෙන්නේ බහු ආගමික රටකය. බහු සංස්කෘතීන් පවතින රාජ්‍ය නීතිය ෂරීආව නොවූ සමාජයකය. එබැවින් උක්ත  මාතෘකාව  අලලා කරුණු දැක්වීමට ප්‍රථම අල්ලාහ්තආලා විසින් ඉස්ලාම් දහම ඉස්ථාපිත කල වකවානුව සම්බන්ධව අදහසක් ඉදිරිපත් කිරීම ඉතා උචිතය. එමගින් බහු ආගමික වටපිටාව සහ ඉස්ලාම් ධර්මය අතර කෙතරම් සබැදියාවක්  ඇතැයි ඔබට වැටහෙනු ඇත.

ක්‍රි:ව: 610 රාමදාන් මස 17 වන දින එවකට හතලිස් වියෙහි පසුවූ මුහම්මද් (සල්) තුමාට පළමු දේව පණිවිඩය (වහී) ලැබෙන මොහොත වන විට සමස්ථ අරාබි දේශයම පිළිම වන්දනය රජයන බිමක් බවට පත්ව තිබිණි. විශාල ගෝත්‍ර සංඛ්‍යාවක් දිවිගෙවූ එහි ප්‍රධාන ලෙස සැලකූ “ලාත් , උස්සා , මනාත්” යන ප්‍රතිමාවන් හැරුනු විට ඒ ඒ ගෝත්‍රයන්ට අදාලව විවිධ ප්‍රතිමාවන් විය. එමෙන්ම එකී පිළිම විවිධ රෑපයන්ගෙන් නිර්මාණය කර තිබිණ. හබුල් හා වත් යන ප්‍රතිමා මිනිස් රූප ආකාරයෙන්ද සුවා, නෛලා යන ප්‍රතිමා ස්ත්‍රී රෑ පරිදිද යකූන්, යඌන් හා නස්ර් යන පිළිම පිළිවෙලින් සිංහ , අශ්ව හා රාජාලයකුගේ ස්වරූපයෙන් නිමවා තිබිණ. මොවුහු වන්දනා කල පාෂාණ ” අන්සාබ්” ලෙසද වන්දනා කල අඹන ලද පිළිමයන් “අස්නාම් ” ලෙසද හැදින්වූහ. මෙසේ බලන කල අල්ලාහ් විසින් ඉස්ලාම් ධර්මයේ මුදුන් මූලය රෝපණය කරන ලද්දේ බහු ආගමික සමාජයක් තුළය.

අනතුරුව විවිධ බාධා සැඩ කුණාටු අතර නොසැලී එකී රෝපිත දහම දලු ලා අතු පතර විහිද යන්නේද එවන් වූ සමාජ වපසරියකය. එම කාල වකවානුව තුළ මුහම්මද් (සල්) තුමා ප්‍රමුඛ සහාභා පිරිස අසීමිත බාධා පවුරු බිද නොසැලී තම ධර්මයේ ස්ථිරව සිටි අයුරු ප්‍රශංසනීයය. “ලා ඉලාහ ඉල්ලල්ලාහ් “ නම් කෙටි වුවද ගැඹුරු අරුතක් සහිත වූ මෙම විප්ලවීය පාඨය උදෘත කර ගනිමින් එම සංකල්පය තුළ ස්ථාවර වෙමින් තමාට එරෙහි සමාජය තුළ ධාර්මික අරගලයක නිරතවූ ඔවුහු කිසිවිටෙකත් තම ආගමික ස්ථාවර බව බිදහෙලා නොගත්හ. ධර්ම ප්‍රචාරයේ පළමු අදියරේදීම විරුද්ධත්වය ප්‍රකට කල අබු ලහබ් මෙන්ම තාන්න මාන්න ලබාදී ධර්ම ප්‍රචාරය අත්හිටුවන්නට කටයුතු කල බොහෝ පිරිස් අතරතුර තම ස්ථාරත්වයේ අංශු මාත්‍ර වෙනසක් නොකල එකී ඉස්ලාමීය අතීතයෙන් වත්මන් ලෝකයේ අප හට ගත යුතු ඉතා වටිනා ආදර්ශය වන්නේද එයය. අරාබි දේශය තුළ මෙන්ම ඉන් ඔබ්බටද නිම් වළලු පුළුල් වෙමින් දීනුල් ඉස්ලාමය වයාප්තවද්දී එයට අනුගත වූවෝද බොහෝ සේ හිංසනයට ලක්වූ බැව් අප දනිමු. බිලාල් (රලි) තුමා ඇතුලු එසේ හිංසනයට ලක්වූ පුරුෂ පාර්ශවයද ඉස්ලාමය වෙනුවෙන් ප්‍රථමයෙන් දිවි පිදූ සුමෙයියා (රලි) තුමියගේ සිට හිංසනයට ගොදුරුවූ ස්ත්‍රී පාර්ශවයද අද දින විමසා බැලිය යුතු කරුණු රැසක් අප ඉදිරියේ තබා ඇත.

මෙසේ ගෞරවණීය සහ සහෝදරත්වය මෙන්ම ප්‍රෞඪත්වය පිළිබිඹු කරන ඉතිහාසයක් හිමි දහමක වත්මන් අනුගාමිකයන් වූ අපගේ ස්ථාවරභාවය කොතැනද ? මේ එය විමසා බැලිය යුතු හොදම කාලය නොවේද? බහු ආගමික වපසරියක දිවි ගෙවන ආදරණීය මුස්ලිම් සොයුරු සොයුරියනි, මොහොතක් සිතන්න. ඔබ ඔබගේ ධර්මය තුළ කෙතරම් ස්ථාවරද? මෙහි අදහස ඔබ පංචකාල සලාතය හෝ අනිවාර්යය උපවාසයේ යෙදෙනවාද යන්න පමණක් නොව. ඉස්ලාම් යනු හුදෙක් ධර්මයක් පමණක් නොව සරල ජීවන පැවැත්මක් බව අපි දනිමු. එහෙයින් එම ජීවන දර්ශනය තුළ ඔබ කෙතරම් දුරකට ස්ථාවරදැයි සිතන්න.

ආහාර පාන වලදී පමණක් හරාම් හලාල් පිළිබද විමසන ඇතැම් සහෝදර සහෝදරියන් තම ඇදුම පැළදුම, ගමන බිමන, මෙන්ම සමස්ථයක් ලෙස ආහාර පාන හැරුනු විට ප්‍රායෝගික ජීවිතයේ අනෙකුත් කටයුතුවලදී ඉස්ලාමීය අනුමතභාවය විමසීමට අමතක කරන්නේ මන්ද..? ජීවිතයේ මෙලොව සහ පරලොව සාර්ථක කර ගැනීමට හැකි පරිදි පරිපූර්ණ දහමක් දායාද කල අල්ලාහ් ශුද්ධ කුර්ආනයේ  විශ්වාසකරන්නනි! ඔබ ඉස්ලාමය එහි සම්පූර්ණයෙන් උසුලන්න. තවද ෂෛතාන්ගේ මග අනුගමනය නොකරන්න.ඔබේ පැහැදිලි සතුරා ඔහුය.” යනු‍වෙන් සූරා බකරාහි දෙවන ආයතය ඔස්සේ අවවාද කර සිටියි. එමෙන්මඅපි ඔබට නීති මාලාවක් අනුගමනය කිරීමට සැලැස්සුවෙමු. එනිසා එයට බැදී සිටින්න. තවද නොදන්නා අයගේ හැගීම් අනුගමනය නොකරන්න.” යනුවෙන් අද්දාරියා සූරාවේ 18 වන වැකිය ඔස්සේ නැවත නැවතත් ඉස්ලාම්හි ස්ථාවරව සිටීම පිළිබදව සිහි ගන්වයි. එසේ නොවීම කෙතරම් බරපතල ක්‍රියාවක් දැයිඅල්ලාහ් අවසර නොදුන් දැයෙහිද අනුමත නොකල දැයෙහිද, ඒ පිළිබද නීති සකස් කිරීමට ඉදිරිපත්වන සමානයන් සිටීද ? ඇත්තෙන්ම ඔවුන්ගේ දඩුවම වේදනාකාරීය.” යනුවෙන් ශුද්ධ කුර්ආනයේ අෂ් ෂුරා හි 21 වන ආයතයෙන් දන්වා සිටීයි.”

මෙකී සියලු කරුණු ගත් කල කුමන සමාජ වපසරියක වුවද ඉස්ලාම්හි ස්ථාවරවීමේ අවශ්‍යතාව මනාව පිළිබිඹු න්නේය. අතීත අරාබි දේශය තුළ ඉස්ලාම් හි ව්‍යාප්තිය ඇරඹි අවස්ථාවේදී මෙන්ම ඉස්ලාම් හි ස්ථාවර වීමට ඔබ දරන උත්සාහයන් ලත් තැනම ලොප් කරන්නට නැගී සිටිනා අබු ජහල් වැන්නවුන්ද ඔබගේ ස්ථාවරභාවය‍ට මිලක් නියමකර ඔබ යන ගමන නවතාලන්නට ඇතැමුන්ගේ යෝජනා රැගත් උත්බාහ් වැන්නවුන්ද හෙට හෝ නුදුරේදීම ඔබ ඉදිරියට පැමිණීමට පුළුවන. එහෙත් දයාබර සොයුරු සොයරියනි , මොහොතක් සිතන්න. අල්ලාහ්ස්භානහුවතාලා ශුද්ධ කුර්ආනය ඔස්සේ මෙසේ පවසයි. නියතවශයෙන්ම කවරෙකු අප පරමාධිපති අල්ලාහ් යැයි පවසා එහි ස්ථිරව සිටීද ඔවුන්ට කිසිම බියක් නොමැත.දුක් වන්නේද නැත. ඔවුන් ස්වර්ගවාසීන්ය.” (අල් අහ්කාෆ් – 13,14)
තීරණය ඔබ සතුය…….

Advertisements

About Islam Sinhalen

Islam is much more than a formal religion: it is an integral way of life.In many ways it is a more a determining factor in the experience of its followers than any other world religion. The Muslim ("One who submits") lives face to face with God at all times and will introduce no separation between his life and his religion, his politics and his faith. With its strong emphasis on the brotherhood of men cooperating to fulfill the will of God.

Posted on October 8, 2011, in Uncategorized. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: